Chapter 04 🦋

127 31 7
                                    



"Hyung!!! අපේ ඔම්මයි niiee යි 😫"

මම කෑගහන්න පටන්ගත්තේ මට Vision එකක් පෙනුන නිසා. මගේ ඔම්මටයි niiee ටයි කවුරුහරි කෙනෙක් කරදර කරන්න හදන්නේ..

"මොකද එයාලට වෙලා තියෙන්නේ Suu???"

Hyung මගෙන් ඇහුවම මට එයාට මං දැක්ක හැම දෙයක්ම නොකියා ඉන්න මට බැරි වුනා. එයා ආයි මගේ මූණ දිහා බැලුවෙ දැන් මොනාද කරන්න ඕනෙ කියලා අහනවා වගේ.

"මම යන්නෝනෙ.. එයාලා ලොකු කරදරේක.. ඔයා එනවනං එන්න"

මම එහෙම කියලා කලබලෙන් යන්න හදද්දී Jungwon ඇවිත් මාව නැවැත්තුවා.

"Sunoo hyung, මායි Niki යි ත් එනවා ඔයා එක්ක යන්න.. ඒත් ඔහොම කලබල වෙලා මුකුත් කරන්න බෑනේ.. මුලින්ම සන්සුන් වෙන්න."

"සන්සුන් වෙන්නෙ කොහොමද මම?? ඒ හිටපු මිනිස්සු ඔම්මටයි niiee ටයි මොනාහරි කළොත්???"

මට දැන්නම් ඇඬෙන්නත් එනවා.

Jungwon ටිකක් වෙලා කල්පනා කරලා hyung ගෙ පැත්තට හැරුණා.

"Jin Hyung, ඔයාට car එලවන්න පුළුවන්ද?"

Jungwon ඇහුවා.

"ආපෝ මොකෝ මට බැරි? මට ඕනෙ දෙයක් පුළුවන්.. මං වගේ handsome කෙනෙක්ට බැරි දේකට කියලා තියෙන්නේ බයේ පැනලා දුවන එක විතරයි.. හරිත??? 🌝"

"හරි එහෙනම්.. අද මගේ අප්පා car එක ගෙදර දාලා office ගියේ.. අපිට ඒකෙන් වෙලාවට යන්න පුළුවන් වෙයි. "

"හරි එහෙනම් ඉක්මනටම යං"

මං Jungwon ගෙ ගෙවල් පැත්තට ගියේ අන්තිම වචන ටික කියන ගමන්. එයාගේ ගෙදර තිබුනෙ අපේ ගෙදර ඉඳන් ගෙවල් 3 කට විතර එහායින්.. ඒක නිසා එහාට යන්න එච්චර වෙලාවක් ගියේ නෑ. Jungwon ගේ ඇතුළට ගිහින් car එකේ key එක අරගෙන ඇවිත් hyung ගේ අතට දුන්නා. දැන් ඉතිං යන්න විතරයි තියෙන්නේ.. ඒත් hyung, steering wheel එකට අත තියාගෙන හිටියේ යකෙක් දැක්කා වගේ බයවෙලා.

"Hyung, ඉක්මනට යමුකෝ ඕයි!!!"

මම බලාගෙන ඉන්න බැරිම තැන hyung ගේ ඔළුවට ගහලා කිව්වා.

"ආයිෂ් මේ පොඩි එකා! ටිකක් ඉන්නවා ඕයි.. මං මේ මතක් කරනවා Accelerator එක කොයි පැත්තේ එකද කියලා.. ඒක දකුණු paddle එක නේ? නැත්නං වම් පැත්තේ එකද?"

Tomorrow BE WITH ME (Sinhala FF)Where stories live. Discover now