FLASHBACK TO THE ARCHERY CLUB SCENE
NAYEON'S POV:
මගේ අන්තිම කාලෙ දැන් ළඟ නිසා මට කාත් එක්කවත් ඒ හැටි හොඳට සටන් කරගන්න ශක්තියක් දැන් නෑ.. කොහොමහරි මං එදා Archery Club එකට ගියේ අහම්බෙකින් වගේ. එකපාරට එතනට මිනිස්සු කට්ටියක් ඇවිත් දැන්ම යන්න කිව්වා අපි ඇතුලෙ ඉද්දි. මං එදා කාලෙකින් Momo eonni ව දැක්කා.. එවෙලෙ ඉඳන් එයත් එක්ක කතාකරන්න බලන් හිටියෙ. ඒක නිසා මං එයාගේ පිටිපස්සෙන් මයි හිටියෙ. එයා එළියට යන්න හදද්දිම කවුද මනුස්සයෙක් ඇවිත් එයාටයි එයාගේ දුවටයි ඔළුවට මොකද්ද පොල්ලක් වගේ එකකින් ගහලා මූණට ලේන්සුවක් ඇල්ලුවා.. මට ශක්තියක් තිබ්බනං එයාලව දැන්ම බේරගන්න තිබුනා.. කරන්න දෙයක් නැති නිසා මං එතන සිහිය නැතුව වගේ වැටුනා.. එයාලා මගෙ ළඟට ඇවිත් මට පයින් ගහලා පණ තියෙනවද බැලුවා.. මං හෙල්ලෙන්නැතුව හිටපු නිසා එයාලා මාවත් අරන් බේස්මන්ට් එකට ගියා..
ටිකකින් මේ දේවල් කළේ මගේ බාප්පා කියලා එයා එතනට ආපු වෙලේ මට තේරුණා.. ඒත් එයා ජීවතුන් අතර ඉන්න කාලෙදිවත් හොයලා නොබලපු Kohyun ගැන කියද්දි මට එයාගේ මූණට එකක් අනින්නම ඕනෙ වුණා.. කොහොමහරි මං එයාට ගැහුවා.. මූණට නං නෙමෙයි.. බඩට.. මං Momo eonni ව බලද්දි දැක්කා නූ එයාව එළියට එක්කන් යනවා.. නූ දිහා බලන් ඉඳපු නිසා මගේ අවධානෙ බිඳුනා.. එවෙලෙ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත මගේ බාප්පගෙ bodyguard කෙනෙක් මට ගැහුවා.. ඒ පාරට මට ඔක්කොම බොඳ වෙලා පේන්න ගත්තේ.. ඒත් යන්තමට ඇහුනා බාප්පා කියනවා මේකි මැරෙන්න ඕනෙ මගේ අතින් කියලා.. එහෙම කියලා එයා bodyguard ගේ අතේ තිබ්බ ගන් එක අරන් මගේ උරහිසට වෙඩි තිබ්බා.. මමත් ඉතිං මැරුණා වගේ එතන වැටුනේ එයාව රවට්ටන්න.. මොකද මට මැරෙන්න තව අවුරුදු දෙකක් තියෙනවා.. ඊට කළිං මං මැරෙන්නෑ.. 😌
එයාලා මගේ නාඩි බලලා මුකුත් තේරුණේනැති හිංදා එතනින් ඉක්මනට එළියට යන සද්දේ මට ඇහුණා.. මං ඉක්මනට නැගිටලා මගේ තුවාලේ බැලුවා.. ඉස්සර මෙහෙම දෙයක් වුණාම මට එච්චර රිදෙන්නෙ නෑ.. ඒත් අද නං අමාරුයි කියලා මටම තේරුණා.. මං තුවාලේ උඩ අත තියලා ටිකක් වෙලා බලන් හිටියා.. තුවාලේ සනීප වුනත් එක්කම එතනට Momo eonni ආවෙ පුදුමෙකට වගේ..
YOU ARE READING
Tomorrow BE WITH ME (Sinhala FF)
Fanfiction"මම සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. අනිත් අයට නැති විශේෂ හැකියාවන් මට තියෙනවා. මං ගොඩක් ජනප්‍රියයි. ඒත් මට ආදරයක් ගැන නම් හිතන්න ඕනෙ නෑ. මං කැමති තනියෙන් ජීවත් වෙන්න. මොකද බැඳීම් අඩු වෙන තරමටම තෙල් ඉතුරු වෙනවා. ලෙඩ අඩුවෙනවා. ජීවිතේ ලස්සන වෙනවා. " ...