Chapter 13 🐞

95 19 9
                                    



+++

"එහෙනම් උඹට මතකනේ මොකද්ද කරන්න ඕනෙ කියලා.. Jian යි අර කොල්ලයි නටන වෙලාවට වැඩේ වෙන්න ඕනෙ.. කොල්ලා තමයි ප්‍රධාන ඉලක්කෙ.. හරියට වැඩේ වෙන්න ඕනේ.."

"හරි මං ඒක කරන්නම් 😒"

Johnny, Jay ගේ කරට අත දාගෙන රහසින් වගේ කිව්වත් ඒක කෙනෙක්ට ඇහුනා..


------



SUNOO'S POV

අද අර පිස්සු හොල්මනගේ උපන්දිනේනෙ.. අපේ ගෙදර මිනිස්සු හරියට හැසිරෙන්නේ Nayeon මීට කළින් උපන්දිනයක් සමරලා නැති කෙනෙක් වගේ.. ඒ තරම් ලොකුවටම ලෑස්ති වෙනවා.. මල විකාර 😒

"චූටි පුතා.. මේ dress එක ගිහින් Nayeon ට දෙන්න.."

ඔම්මා මගේ ළඟට ඇවිත් box එකක් දික්කරන ගමන් කිව්වා..

"මොකද්ද ඔම්මා.. දැන් ඕකත් මම ම ද දෙන්න ඕනෙ? Niiee ව යවන්නකෝ 😒"

"Niiee, cake එක හදනවා.. ඔයා ඕක ගිහින් දෙන්න.."

ඔම්මා එහෙම කියලා ඒ box එක මගෙ අත් දෙක උඩින් තියලා ගියා.. දැන් ඉතිං පලකෝ අර පිස්සුවගෙ කාමරේට 🙄


[ටොඃ ටොඃ ටොඃ]

මම එයාගෙ කාමරේ ළඟට ගිහින් දොරට තට්ටු කළා..

"ඇතුළට එන්න"

එයා එහෙම කියපු ගමන් මම දොර ඇරියා.. එයා හිටියේ ඇඳේ ගුලිවෙලා bedsheet එකෙන් ඔළුවෙ ඉඳන්ම වහගෙන..

"ආ.. අද රෑට මෙහෙ business party එකක් තියෙනවා.. මෙන්න මේක ඇඳන් එනවා හරිද.. මේ ඒක නෙමෙ මොකෝ ඔහොම ඉන්නේ? තමුසෙට සනීප නැද්ද?"

මම මනුස්සකමට එහෙම ඇහුවෙ.. එහෙම අහලා මං එයාගේ bedsheet එක එහාට කළා.. මෙයා jersey විතරක්ම තුනක් හතරක් විතර ඇඳගෙන ඔළුවටත් කන් වැහෙන කැප් එකක් ඇඳන් හිටියෙ.. හරියට ඇස්කිමෝ කෙනෙක් වගේ..

"ඒ ඕයි මේ මොකද මේ? තමුසෙට සනීප නැද්ද..?"

මං එහෙම කියලා එයාගෙ නළළට අත තිබ්බා.. එයාට දාඩිය දාලා සීතල වෙලා හිටියේ.. මං එයාගේ නළල අල්ලපු ගමන් එයා හොඳ වුනා වගේ නැගිට්ටා..

Tomorrow BE WITH ME (Sinhala FF)Dove le storie prendono vita. Scoprilo ora