+++
"ආ.. ඔක්කොම අය එකට ඉන්න එක හොඳයි.. oppa.. Appa ඔයාටයි මේ දෙන්නටයි එන්න කිව්වා මොනවද කියන්න තීනවා කියලා.. එන්නකෝ.."
අපි එතන ඉද්දි Jennie ඇවිල්ලා කිව්වම අපි තුන්දෙනාම එයත් එක්ක living room එකට ආවා..
SUNOO'S POV:
අපි තුන්දෙනා living room එකට ආවම එතන හැමෝම වාඩිවෙලා හිටියේ හරියට රහස් මෙහෙයුමකට ආපු FBI agents ල ටිකක් වගේ.. අප්පා අත් දෙක බැඳගෙන, කකුලක් පිට කකුලක් දාගෙන සාලේ තිබුන සෙටි එකේ වාඩිවෙලා හිටියා.. ඔම්මා හිටියෙ එයා ළඟම හිටගෙන.. Hyung ඉස්සරහ දොර ළඟ හිටියේ ඔත්තු බලනවා වගේ.. එතකොට niee ගැන කිව්වොත් එයා අපරාධකාරයෝ තුන් දෙනෙක් අල්ලගෙන ආපු වීරයෙක් වගේ.. අපි ගැන කියන්න ඕනෙ නෑනේ.. අපි තුන්දෙනා හොරු වගේ.. 😆
"මොකද්ද මෙතන වෙන්නේ?"
තවත් බලන් ඉන්න බැරි නිසා මං ඇහුවා..
"දෙයක් ගැන කතාකරන්න ඔයාලට අපි එන්න කිව්වේ.."
අප්පා කිව්වා..
ඒක ඇහුනම මට හිතුනේ Hyung ඉස්සෙල්ලා කාමරේට එද්දි මමයි Jiwon යි හිටපු විදිහ ගැන වැරදියට අප්පාට කිව්වද දන්නෑ කියලා.. මාව රත්වෙලා පපුව ඩිග් ඩිග් ගාද්දි Jiwon ඇවිත් මගෙ පිටිපස්සෙන් හිටගෙන මගේ shirt එකේ elbow එකෙන් අල්ලගත්තෙ මගෙ බය තවත් වැඩි කරන ගමන්..
"මො-මොකක් ගැනද අප්පා?"
මම ඉක්මනට ඇහුවා..
"මෙයා බය වෙලා ඉන්නේ හරියට වැරැද්දක් කළා වගේනේ.. මොකද තවුසෙ වෙව්ලන්නේ?"
Hyung තේරිලා ද කොහෙද මගෙන් හිනාවෙවී ඇහුවා.
"නෑ.. මුකුත් නෑ.. 🙂"
"හාකෝ 🌚"
Hyung එහෙම කියලා කින්ඩියට වගේ මමයි Jiwon යි දිහා බලලා කිව්වා..
"මං එන්න කිව්වේ අපේ පවුලට ළඟදි එකතු වුන අලුත් සාමාජිකයා ගැන දෙයක් කතාකරන්න.. එයාගේ Birthday එක මේ එන බ්‍රහස්පතින්දා..."
අප්පා කිව්වා..
"ඔප්පා.. ඔයාට තව චූටි dongsaeng කෙනෙක් ඉන්නවද?? අනේ කෝ එයා.. මට බලන්න ඕනෙ 🥺"
VOCÊ ESTÁ LENDO
Tomorrow BE WITH ME (Sinhala FF)
Fanfic"මම සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. අනිත් අයට නැති විශේෂ හැකියාවන් මට තියෙනවා. මං ගොඩක් ජනප්‍රියයි. ඒත් මට ආදරයක් ගැන නම් හිතන්න ඕනෙ නෑ. මං කැමති තනියෙන් ජීවත් වෙන්න. මොකද බැඳීම් අඩු වෙන තරමටම තෙල් ඉතුරු වෙනවා. ලෙඩ අඩුවෙනවා. ජීවිතේ ලස්සන වෙනවා. " ...