JIWON'S POV
මම Jaehyun sir ළඟ වැඩ කළත් ඒ වැඩ කළේ මගේ ඔම්මා වෙනුවෙන් විතරයි.. මගේ ඔම්මා මං ගැන බැලුවෙ නැති වුනත්, එයාට මට වඩා කොච්චර කම්පැණි එක ලොකු වුනත් මට ඉන්නෙ එයා විතරයි.. මට මොන ප්‍රශ්නෙ ආවත් මට ඕනෙ මගෙ ඔම්මා හැමදාටම හොඳට, සතුටින් ඉන්න විතරයි.. දැන් මට ඔම්මට අමතරව හිතන්න තව කෙනෙක් හම්බෙලා.. මං එයාට Jaehyun sir කිව්ව නිසා ලං වුනත් දැන් මං එයාට ඇත්තටම ආදරේ කරන්න පටන් අරන්.. මට එයාට දුකක් දෙන්න කොහොමටවත් බෑ.. ඉතිං මං කොහොමද අර Johnny ගෙයි Jaehyun ගෙයි plans වලට කැමති වෙන්නෙ?
+++
"එහෙනම් උඹට මතකනේ මොකද්ද කරන්න ඕනෙ කියලා.. Jian යි අර කොල්ලයි නටන වෙලාවට වැඩේ වෙන්න ඕනෙ.. කොල්ලා තමයි ප්‍රධාන ඉලක්කෙ.. හරියට වැඩේ වෙන්න ඕනේ.."
"හරි මං ඒක කරන්නම් 😒"
අද උදේ මට Jay යි Johnny යි කතාකරනවා ඇහුනා.. එයාලා හදන්නේ Sunoo ට කරදරයක් කරන්න.. එයාලගෙ කතාවෙන් ඒක මට හොඳටම තේරුණා.. ඒත් මොකද්ද එයාලා කරන්න යන්නේ???
Johnny එතනින් ගියාට පස්සෙ මම Jay ළඟට ගියෙ මොකද්ද එයාලා කතාවුනේ කියලා අහගන්න..
"එයාලා හදන්නේ Sunoo ව ඉවරයක් කරන්න 😔"
Jay එහෙම කිව්වම මගෙ හදවත එතනම නතර වුනා වගේ වුණා.. අනේ Sunoo 🥺
"මො-මොකද්ද???"
"ඔව්.. Johnny ටයි Jaehyun ටයි ඕනෙ Kim පවුලේ සතුට නැත්තටම නැති කරලා දාන්න.. එයාලා ඒක පටන්ගන්න යන්නේ Sunoo ගෙන්.. එයා තමයි මෙතන ඉන්න ලොකුම බාධාව කියලා තමයි එහෙම කරන්න යන්නේ.. Nayeon ගෙ අන්තිම කාලේ අදින් හරියටම අවුරුද්දක් නිසත් Sunoo මැරුනෙ නැත්තම් එයාගෙ power එක ටික දවසකට උපරිම වෙන නිසත් ඒකට හේතුවක්.. අපිට කරන්න දෙයක් නෑ Jiwon-aa.. වෙන්න තීන දෙයක් කියලා පැත්තකට වෙමු.."
"පැත්තකට වෙමු?? ඔයාට ඕන වචන දෙකකින් කියන්න ලේසි වුනාට ඒක කරන්න බැරි දෙයක්.. මෙච්චර අවුරුදු ගානකටම මට ආදරෙන් කතාකරපු එකම කෙනා Sunoo.. මං කොහොමද දෙයියනේ අර අවජාතකයා එයාට මොනාහරි කරනකං එහෙම පැත්තකට වෙලා ඉන්නේ??"
KAMU SEDANG MEMBACA
Tomorrow BE WITH ME (Sinhala FF)
Fiksi Penggemar"මම සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. අනිත් අයට නැති විශේෂ හැකියාවන් මට තියෙනවා. මං ගොඩක් ජනප්‍රියයි. ඒත් මට ආදරයක් ගැන නම් හිතන්න ඕනෙ නෑ. මං කැමති තනියෙන් ජීවත් වෙන්න. මොකද බැඳීම් අඩු වෙන තරමටම තෙල් ඉතුරු වෙනවා. ලෙඩ අඩුවෙනවා. ජීවිතේ ලස්සන වෙනවා. " ...