Chapter 05 🌼

108 27 6
                                    




"චූටි පුතේ!!!"

Momo කෑගැහුවේ වුන දේ හිතාගන්න බැරුව...

"ආයිශ්!! බොරුවට කෑගහන්න එපා ඔම්මා.. මෙයා කලන්තෙ දාන්න ඇත්තේ මේ niiee ගේ ලේ දැකලා.."

Jin එහෙම කියද්දි යි හැමෝම දැක්කේ Jennie ගේ දණහිස තුවාලවෙලා ලේ එනවා.. Jungwon ඒක දැක්ක ගමන්ම එයාගේ ලේන්සුව Jennie ගේ දණහිසට තියලා බැන්දා.. මේ අතරෙදි Jin කාර් එකේ තිබ්බ වතුර බෝතලයක් අරගෙන ඒක Sunoo ගේ ඔළුවෙ ඉඳන් හලාගෙන ගියා..

"ප්ෆ්!! ප්ෆ්!! (වතුර සමග කහිනවිට ඇතිවන ශබ්දයකි 🤓) ඔම්මා.. Hyung.. අපි මේ කොහෙද ඉන්නේ? මං ඇයි මෙහෙම ඉන්නේ?"

පියවි සිහියට ආපු Sunoo එහෙමහරි කතාකළාමයි Momo ගෙ ඇඟට ලේ ටිකක් ඉනුවෙ..

"චූටි පුතා, ඔයා හොඳින් නේද?? මුකුත් කරදරයක් උනේ නෑ නේද?"

"නෑ නෑ ඔම්මා.. මං හොඳින්.. ඔයාලා දෙන්නා හොඳින් නේද? මෙතන මොකද්ද ඔම්මා උනේ? ඇයි ඒ මිනිස්සු ඔයාලව එහෙම හිර කරන් හිටියේ? "

"ඒක දිග කතාවක් පුතා.. මං ගෙදර ගිහාම කියන්නම්.."

"හරිනේ? එහෙනං අපි ය-"

පුදුමයකට වගේ මෙච්චර වෙලා කටවහගෙන හිටපු Niki කතාකරන්න පටන්ගන්නකොටම Jaehyun යි guards ලා දෙන්නයි එතනට ආපු නිසා Momo, Niki ගේ කට වහලා එතන හැමෝම එක්ක හැංගුනා.. එයාලා ගියාට පස්සෙ හැමෝම හැංගිලා බලන් හිටපු තැන්වලින් එළියට ඇවිත් වාහනේට නැග්ගා..

"මං ඉක්මනින් එන්නම්.."

Momo වාහනේට නගිනවා වෙනුවට එහෙම කියලා ආපහු Archery Club building එක ඇතුළට ගියා.

ටිකකින් Momo එළියට ආවා.. ඒත් ආවේ තනියෙන් නං නෙමෙයි..


















SUNOO'S POV:

😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮

ඔම්මා එද්දි අර ඇතුලෙ හිටපු ගෑණු ළමයව එක්කන් ආවා.. ඒ උදේ මට rooftop එකේදි හම්බුන Nayeon කියපු කෙනා.. එයා ඈතින් මගේ ඔම්මා එක්ක එද්දි මට හරි අමුතු හැඟීමක් දැනුනා.. ඒක හරිම අමුතුයි.. පළවෙනි වතාවට මගේ ඔම්මගෙන් ඇරෙන්න දැකපු නැති ලස්සනක් මං එයාගෙන් දැක්කා.. එකපාරට අමුතු එළියක් ආවා එයාගෙන්.. ඒ එළියට ඇස් වැහුන නිසා මං අහක බැලුවා.. මං ඇස් අරිද්දි එයා මගේ ඉස්සරහ හිටගෙන හිටියා.. එයා ලස්සන රතුපාට ඇඳුමක් ඇඳගෙන හිටියා.. ඊට පස්සේ එයා හිනාවෙලා මගේ උරහිස අල්ලලා එයාගේ කකුල් වලින් ඉස්සිලා මට හාද්දක් දුන්නා.. 😳

Tomorrow BE WITH ME (Sinhala FF)Where stories live. Discover now