Chapter 07 🌼

97 34 2
                                    






SUNOO'S POV

Nayeon ව මගින් බස්සලා ආපු නිසාද දන්නෑ හිතට අමුතු හැඟීමක් ආවත් එයා නිසා විනාස වෙන්න ගිය අද දවස හරි මෙහෙම බේරගන්න පුළුවන් වෙච්ච එකට මට මං ගැනම හද පිරි මෙව්වා එකක් තිබ්බා.. ඔම්මා call කරද්දි මං දැනගත්තා Nayeon ගෙදර ගිහින් කියලා.. ඔව් ඔව් ඉතිං vision එකක් දැක්ක තමයි.. 🌚 ඒක නිසා මං ඔම්මගෙ call එක ring වෙලා ඉවර වෙනකංම හිටියා..

ඒත් අද වෙනස්.. වෙනදට ඔම්මා එක call එකයි ගන්නේ.. මං ආන්සර් නොකළොත් එයා ආයි මං කෝල් එකක් ගන්නකං ගන්නෙ නෑ.. අද එයා ගොඩක් පාරක් call කරනවා.. ඒත් ඉතිං මං answer කළේ නෑ 😅 මං එවෙලෙ උත්සහ කළේ vision එකක් ගන්න.. වැඩේ හරියන්නෑ.. අර ඔළුව රිදිල්ල විතරයි දැනෙන්නෙ.. ඒත් මට හරි අමුතු දෙයක් දැනුනා.. නිකං කවුරු හරි බෙල්ල මිරිකනවා වගේ.. ඒක vision එකකුත් වගේ.. එහෙම නෑත් වගේ.. කොහොමහරි මේ දේවල් දැනෙන්න ගත්තෙ අපි trip එක ගිහින් එනකොට නිසා අවුලක් උනේ නෑ.. අපි ගෙදර එනකොට වෙලාව රෑ  8.30 වෙන්නැති වැඩිම වුනොත්.. ගෙදර හැමෝම එළියට වෙලා හිටියෙ අපිව පිළිගන්න වගේ..

අම්නේ මේම් තම්රම් ආම්දරයම්ක් 🥺✌🏻❤️

"ඔම්මා, අප්පා.. මං නැතුව පාළුවෙන්ද හිටියේ.. මෙන්න ඔයාලගේ සුදු පුතා ගෙදර ආවා 🤩"

"මෙයා මේ මගුලක් කියෝනවා.. ඔම්මයි අප්පයි බලන් ඉන්නේ තමුසෙ එනකං නෙමෙයි ඕයි"

Jin Hyung මැදින් පැනලා කිව්ව කතාවට මට දුකත් හිතුනා..

"මට වැඩිය කාවද වටින්නේ 😒"

"අපිට Nayeon eonni ව වටිනවා ඔයාට වඩා.. එයා මට බනින්නෙත් නෑ ඔයා වගේ සූ ඔප්පා 🙂"

Niee එහෙම කිව්වම මට තේරුනා මේ හැමෝම Nayeon එනකං තමා බලන් ඉන්නේ කියලා.. ඒත් පොඩ්ඩක් ඉන්න.. මං දැක්කනෙ vision එකකින් එයා ගෙදර ඇවිල්ලා ඉන්නවා.. මොකද්ද වෙලා තීන්නේ???

"මොකද්ද???!! එයා තාම ගෙදර ආවේ නැද්ද?"

මං ඇහුවෙ මොකද උනේ කියලා දැනගන්න..

"පුතාලා ගමන යන්න පිටත් වෙලා පැයකට විතර පස්සෙ Nayeon-ii ගෙදර ආවා.. මං හිතුවා ඔයා බනින්න ඇති කියලා.. එයා කිව්වා එයාට සනීප නෑ ඒකයි ගෙදර ආවෙ කියලා.. එහෙම කියලා එයා දවසම කාමරේට වෙලා ඉඳලා හවස  ගියා library එකට යනවා කියලා.. ඒ ගියා ගියාමයි තාම නෑ.. අනේ දැන් ගොඩක් වෙලා.. අනේ එයාට මොකක් හරි වෙලාවත් ද දන්නෑ.."

Tomorrow BE WITH ME (Sinhala FF)Where stories live. Discover now