NAYEON'S POV
Nuu ට දැනගන්න ඕනෙ වුනා ritual එකේදි එයා මොනාද දැක්කෙ කියලා.. ඒක නිසා අන්තිමට මම එයාට ඔක්කොම දේවල් කිව්වා.. එක දෙයක් ඇරෙන්න.. ඒ මගෙ ජීවිතේ තව පැය 24 කින් ඉවර වෙන එක.. කළිං කිව්වා වගේ ඒක නවත්තන්න දන්නේ මගේ හල්මොනි විතරයි.. ඒත් මං දන්නවා ඒකට මගෙ mate ඕනෙ කියලා.. mate එක්ක රැයක්.. මට ඒක කරන්න බෑ දැන්.. මං හිතන් හිටියෙ මට Nuu ව ආපහු හම්බුන නිසා ඒක හරියයි කියලා.. ඒත් එයාගෙ mate වෙනස් වෙලා.. මම ඒක දැනගත්තෙ එදා Jiwon එයාව බේරගත්ත වෙලාවෙ.. මං Jiwon බිහි කළාට මෙච්චර කල් එයා මගෙ දුව කියලවත් දැනන් හිටියෙ නෑ.. මං එයාව සම්පූර්ණයෙන්ම අමතක කරලා හිටියෙ.. කොහොමත් මං එයාව ඒ භාරකාර දෙමව්පියන්ට දෙද්දී එයාගේ බලයන් අහෝසි කරලයි භාර දුන්නේ.. ඒත් Nuu ව එයාට හම්බුනාට පස්සෙ මං හිතන්නෙ ඒ බලයන් වැඩ කරන්න පටන් ගත්තා.. ඉතිං මට දැන් Nuu ගැන බයවෙන්න දෙයක් නෑ..
"හැමෝටම එන්න කියන්න dining room එකට"
මම Nuu ව යැව්වෙ අනිත් අයව එක්කන් එන්න.. මොකද එදා මගෙ අප්පා ඇතිකරපු ඒ ශාපේ පලදුන්න මේ ආත්ම ගාන හොඳටම ඇති..
හැමෝම dining room එකට ආවම මම කතාකරන්න පටන්ගත්තා..
"අද වෙච්ච දෙයත් කළේ එයා.. මගේ අප්පා.. දැන් ඇති.. අපි මේක නවත්තන්න ඕනෙ.. නැත්නම් තව ආත්ම ගානකට ඔයාලට සතුටින් ඉන්න බැරි වෙයි"
"කවුද ඔයාගෙ අප්පා?? අපි දන්න එක්කෙනෙක්ද?"
Niki ඇහුවා.
"ඔව් දන්නවා.. දැන් මගෙ බාප්පා කියන්නේ මගෙ අප්පා.."
"මොකද්ද එතකොට Jaehyun ඔයාගෙ අප්පා ද?? 😳"
Momo eonnie මගෙන් ඇහුවෙ පුදුමෙන් වගේ..
"මේකයි එයා මගේ කළිං ආත්මෙ අප්පා.. එයා ඒ ආත්මෙදි මටයි මගෙ bloodline එකටයි, මගෙ අවට ඉන්න අයටයි විරුද්ධව dark magic එකක් කළා.. ඒක තව ආත්ම ගානකට ඉවර වෙන්නෙ නෑ අපි මේක දැන් ම නැවැත්තුවෙ නැත්නම්.."
"ඉතිං අපි කොහොමද ඒක නවත්තන්නෙ? "
Jennie ඇහුවා..
"එයාගෙ අමරණීය භාවය අහෝසි කරන්න ඕනෙ.. ඒකට එයාගේ ලේ jeju-do වල තියෙන holy pond එකට දාලා wish කරන්න ඕනෙ.. ඒක කරන්න මට මගේ ආරක්ෂක මාලේ ඕනෙ.. නැත්නම් එයාට පොඩි හීරිමක් වත් කරන්න බෑ අපිට.."
YOU ARE READING
Tomorrow BE WITH ME (Sinhala FF)
Fanfiction"මම සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. අනිත් අයට නැති විශේෂ හැකියාවන් මට තියෙනවා. මං ගොඩක් ජනප්‍රියයි. ඒත් මට ආදරයක් ගැන නම් හිතන්න ඕනෙ නෑ. මං කැමති තනියෙන් ජීවත් වෙන්න. මොකද බැඳීම් අඩු වෙන තරමටම තෙල් ඉතුරු වෙනවා. ලෙඩ අඩුවෙනවා. ජීවිතේ ලස්සන වෙනවා. " ...