*******************************************
"ඔයාට මේ දේ කරන්නම ඕනෙද?"
"මං නැතුව වෙන කවුරු කරන්නද නූ.. මේ වෙනකොට එයාව ඉවරයක් කරන්න පුළුවන් එකම කෙනා මම.. ඔයාට මතකද අපි ඉස්සර අපේ අනාගතේ ගැන හීන මැව්වා.. මුහුද ළඟ ගෙයක් හදන්න.. බැන්දට පස්සේ ළමයි ගොඩක් හදන්න.. හැමදාම හවසට ගිනිමැලයක් ගහලා සිංදු කියලා විනෝද වෙන්න.. මේ දේවල් කරන්න නං එයාව ඉවර කරන්න වෙනවා.."
"ඒත් yeon-aa---"
"බයවෙන්න එපා නූ.. මේ මාලේ තියෙනකන් මට මුකුත් වෙන්නෑ.. මං මේක කරන්න ඕනෙ.. අපේ අනාගතේ වෙනුවෙන්.."
+++++
"මාව ඉවර කරන්න තමුසේ??? බලනවා තමුසෙගෙ ආරක්ෂක මාලේ මං ගාව.. දැන් ඉතිං තමුසෙගෙ අවසානය.."**Sword sound**
"නූ!!!!"
(නූ, yeon ව බේරගන්න මැදට පැන්නා.. කඩු පහර වැදුනෙ නූ ට..)
"Yeon-aa,, ම-මට එක දෙය-ක් පො-පොරොන්දු වෙන්න-- මං නැ-නැති වුනත් හැමදා-ම සතු-ටින් ඉන්න ඕනෙ ඔ-ඔයා.. තේරුණා නේ.."
"අනේ නූ!! කතානොකර හෙළවෙන්නැතුව ඉන්න.. මං ඔයාව සනීප කරන්නම්.."
*Sword sound*
(නූ ට ආපහු පාරක් කඩුපහරක් වැදුනා..)
"ආහ්!!"
"Yeon-aa.. ඔ-ඔයා මෙතන නේද?? මට පොරොන්-දු වෙන්න..""මං ඔයා ළඟමයි ඉන්නේ නූ.. මං ඔයාට පොරොන්දු වෙනවා.."
"Yeon-aa.. මාත් එ-එක්කම ඉන්න--"
"මං ඔයා ළඟමයි ඉන්නේ නූ.."
(Yeon එහෙම කියන්වත් එක්කම නූ අවසන් ගමන් යනවා 🥺)
"නූ!!!!!!!!!"
----------------------------------------------------------------------
SUNOO'S POV
YOU ARE READING
Tomorrow BE WITH ME (Sinhala FF)
Fanfiction"මම සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. අනිත් අයට නැති විශේෂ හැකියාවන් මට තියෙනවා. මං ගොඩක් ජනප්‍රියයි. ඒත් මට ආදරයක් ගැන නම් හිතන්න ඕනෙ නෑ. මං කැමති තනියෙන් ජීවත් වෙන්න. මොකද බැඳීම් අඩු වෙන තරමටම තෙල් ඉතුරු වෙනවා. ලෙඩ අඩුවෙනවා. ජීවිතේ ලස්සන වෙනවා. " ...