💚❤️chapter 01 ❤️💚

668 72 11
                                        


👩”පුතා.. පුතා.. කෝ නැගිටින්න මොකෝ අද තාම නිදි. අද පොත් සාප්පුවට යන්නේ නැද්ද ලමයෝ”

මවගේ කට හඩේ සද්දෙට පින් සිද්ද වෙන්න ශාන් නැගිටි අතර ඇගේ මැලි කඩමින් ගොස් කාමරයේ දොර ඇරියා.

👨අනේ මමා ඔයා චුට්ටක් නිදා ගන්න දෙන්නෙම නෑනේ ඔයාගේ මේ අහිංසකයට" කියමින් මවගේ උරහිස දෙපැත්තෙන් දෑත් දමා මවට තුරුල් උනේ හරි ආදරයෙන්.

ශාන් සහ යැන්ලි යනු මිසිස් ශාඕගේ ප්‍රානසම දරැවන් දෙදෙනයි.ඇය තම දරුවන්ට වෙලාවක මවක් වූ අතර තවත් වෙලාවක හොදම යහලුවද උනා.

👩 “අනේ මගේ අහිංසක හා පැටියා..දැන් නිදාගත්තා ඇති මැනික යන්න ගිහින් වොශ් දාලා එන්න කෑම කන්න”

කියමින් මව පහලට ගිය අතර ශාන්ද වේලාව බලා පරක්කු වී තිබූ නිසා ඉක්මනින්ම නාන කාමරයට ගියේ ලෑස්ති වී පොත් සප්පුවට යන්න ඕනේ නිසයි.

ශාන් වොශ් එකක් දාගෙන ඉක්මනින්ම ලෑස්ති වී පහලට ආවා.ඔහු එනවිටත් මවත් පියත් යැන්ලි අක්කත් කෑම මේසයට වී බලන් හිටියා.පුටුවක් ඇද කෑම මේසයෙන් වාඩි වූ ශාන්ට මව විසින් කෑම බෙදන අතරතුර ,

👨‍🦰" පුතා දැන් කොහොමද ඔයාගේ පොත් සාප්පුවේ වැඩකටයුතු හොදට කෙරීගෙන යනවා නේද"

👨"අවුලක් නෑ පපා හොදට වැඩ ටික කෙරීගෙන යනවා.හැමදේටම උදව් කරන්න චෙනාත් ඉන්නවනේ.අදත් අලුත් පොත් ස්ටොක් එකක් එනවා පපා මන් ඉක්මනට යන්න ඕනේ" කියමින් ශාන් ඉක්මනින්ම මව ඔහුගේ පිගානට බෙදන ලද පාන් පෙති දෙක කා දොඩම් යුෂ වීදුරුවද බී මේසයෙන් නැගිට්ටේ මව පියා සහ යැන්ලි ලගටත් ගොස් තුරුල් කර ගනිමින් මන් යනවා යනුවෙන් පවසා නිවසින් පිටත් විය..

☀️☀️☀️☀️
උදෑසන හිරුගේ රශ්මිය පොලොවට පතිත වන මොහොතේ බීජින් නගරයේ කාර්‍ය්‍ය්බහුල මිනිසුන් කඩිමුඩියේ එහේ මෙහේ දුවන්නට විය.කාර්‍ය්‍ය්බහුල නගරය දෙස සුපුරුදු ලෙස මග දෙපස බලමින් ශාන් තම කාරයෙන් පැමිනුනේ පොත් සප්පුව වෙතයි.

👨"ගුඩ් මෝනින් සර්"

පොත් සාප්පුවේ සේවකයෙක් වන වෙං නිං ඉතාමත් ආදරනීය ලෙස ශාන්ව පිලි ගත්තා.ශාන්ගේ කරුනාවන්තකමත් මිත්‍රශීලී බවත් නිසා මෙහි ඉන්න සේවකයෝද ශාන්ට ගොඩක් ආදරය කරා.

💐💐 The fateful love 💐💐Where stories live. Discover now