💐💐The Fateful Love💐💐
💚Chapter 15❤️
Continue 🌹🌹🌹🌹
👨”බෝ... " ශාන්ට එය පමනයි කීමට පුලුවන් උනේ. ශාන් මතට පාත් වුන බෝ ශාන්ගේ දෙතොල් වල්ට පහලින් ඇති මෝල් එක බෝගේ තොල් වලින් සිප ගන්නට වුනා. කවදත් ඒ හැගීම රිසි සේ බෝට ලබා දෙමින් ශාන් බෝව තව තවත් ඔහුගේ ඇගට තුරුල් කර ගත්තා.. මෝල් එක තොල් මතින් තෙත් කරපු බෝ ශාන්ගේ පියවී තිබූ දැස් මතටද ඔහුගේ දෙතොල් තබා ඔහුට ශාන්ව කොයි තරම් වටිනවා දැයි ශාන්ට දැනෙන්නට ඉඩ දුන්නා.. ඒ පහසට අවනත වුන ශාන් හරි ආසාවෙන් තව තව ඒ උනුසුම විදිමින් බෝගේ ඉන වටා බැදි දැත් තව තවත් තදින් අල්ලා ගත්තා..ශාන්ගේ දෑස් මතින් නලලතටද දෙතොල් තැබූ බෝ පසුව ශාන්ගේ ඉන වටා එක් අතක් යවා ශාන්ව තවත් තමාගේ සිරුරට තෙරපවා ගනිමින් ඒ රතු දෙතොල් වල පහස හරි ආදරයෙන් විදින්නට වුනා.. ශාන්ගේ කෙදිරියට කවදත් තමන්ගේ හැගීම් තව තවත් උද්දීපනය කිරීමට හැකි බව දන්නා බෝ ශාන්ගේ කෙදිරියත් සමග තව තවත් ඒ දෙතොල් වලට බර දී රලු ලෙස ඒ දෙතොල් විදින්නට විය..
Continue 🌹🌹🌹🌹
ශාන්ගේ නිවසේ අයගේ රැක බලා ගැනීමත්, ශාන්ගේ රැක බලා ගැනීමත් සමගින් බෝ කෙමෙන් කෙමෙන් නැවතත් යථා තත්වයට පත් වෙන්න වුනා..විටෙක දරුවෙක් මෙන් විටෙක සහෝදරයෙක් මෙන් තවත් විටෙක ආදරවන්තයෙක් ලෙසින් මේ හැමෝගෙම ආදරය මැද්දේ ටිකෙන් ටික සුව වෙන බෝ දෙස බලමින් ශාන් සතුටු වන්නට වුනේ ඔහුගේ හැමදේම දැන් බෝ වන නිසයි.බෝත් ඉක්මනින්ම සුව වෙන්න හේතුව විදියට දැක්කේ ශාන්ගේ නිවසේ සැමදෙනාම තමන්ට ආදරය කරන ආකාරයත් තමන් ගැන සොයා බලා තමන්ගේ ඕනෑ එපාකම් සොයා බලන ආකාරයත් නිසයි..
👨" බෝ බෝ..". ශාන් බෝව සොයා බෝගේ කාමරයට එන්නට වුනේ බෝගේ සියලු වැඩ ශාන්ගේ අතින් නිම කර ශාන්ද වොශ් එකක් දාගෙනයි..
👨" ඇයි බනී මොකෝ මේ"බෝ නින්දත් නොනින්දත් අතර සිටි නිසා ශාන්ගේ කට හඩේ සද්දෙත් එක්ක ගැස්සී එක පාරටම ඇහැරුනා..
👨" අනේ සොරි බෝ ඔයාට නින්ද ගියාද. මන් හිතුවේ ඇහැරලා ඇති කියලයි ඒකයි කෑ ගහගෙනම රූම් එක ඇතුලට ආවේ..ඔයා එහෙනම් නිදා ගන්න බෝ මන් ටිකකින් එන්නම් හොදේ..කෝ එන්නකෝ😊😊" ශාන් බෝ අසලට ගොස් බෝගේ කොට්ටය බෝට නිදා ගැනීමට පහසු ලෙස සාදා දුන්නා..
YOU ARE READING
💐💐 The fateful love 💐💐
Фанфикшнආදරය යනු දෙවියන් විසින් කෙනෙක්ගෙන් තව කෙනෙක්ට දෙනු ලබන සුන්දර වූත් වටිනා කියන වූත් දෙයක්.. සමහරුන් ඒ ආදරය නිසාම ඒ කෙනාගේ සතුට වෙනුවෙන් තමන්ගේ ආදරය පරිත්‍යාග කරනවා... තවත් සමහරු ඒ වෙනුවෙන් මහ මෙරක් තරම් දුක් උහුලමින් ඒ ආදරය රැක ගන්න ජීවිතේම කැප කරන...
