💐💐 The Fateful Love 💐💐
💚Chapter 11❤️
Continue 🌹🌹🌹🌹
මේ අතර උඩු මහලෙහි වැඩ කරමින් සිටි යැන්ලිගේ මවද පහලට ඇවිත් යැන්සි හා කතා කරා..නමුත් මව කල්පනා කරන්නට වුනේ යැන්ලි කී දේවල් ගැනයි.යැන්සි ගිය පසු විස්තර දැන ගන්නවා සිතමින් අම්මාද යැන්සි හා කතා කරමින් ඉන්නට වුනා..
Continue 🌹🌹🌹🌹
ශාන් සහ බෝ එක දිගටම සතියක් බයික් රයිඩින් පුහුනු වීම සදහා කාලය වෙන් කර තිබුනා..කොරියා වල සිටින කාලයේදී එහි තිබූ සියලුම බයික් රයිඩින් තරග වලින් ජයග්‍රහනය කල බෝට මෙයද ලේසියෙන් දිනීමට හැකි බව බෝ විශ්වාස කලා..නමුත් ශාන් ඔහුට සිදු වී තිබූ අනතුරත් සමග බයික් වලට බිය වූ නිසා බෝද බයික් එක පදින හැම මොහොමතකම හිතේ තිගැස්මක් සමග හිටියද එය බෝට නොපෙනෙන ලෙස සිටීමට සෑම වේලාවකම උත්සහ කරමින් සිටියා..
⏰⏰⏰⏰⏰⏰
මේ සියලු දේ සමගම ශාන්ගේ මව දිගින් දිගටම කල්පනා කරන්නට වුනේ එදා යැන්සි ආ වෙලාවේ යැන්සිට යැන්ලි විසින් කියූ දේවල් ගැනයි..එදාම ඒ ගැන අසන්නට සිටියද හදිසි ගමනක් යන්න යොදා ගත්ත නිසා ශාන්ගේ මවට යැන්ලිගෙන් ඒ බව අසා දැනගැනීමට නොහැකි විය..කෙසේ වෙතත් අද එය කෙසේ හෝ යැන්ලිගෙන් ඇසිය යුතුයි කියා ශාන්ගේ මවගේ සිත නිතර දෙවේලේ ඔට්ටු අල්ලන්නට වූ නිසා යැන්ලිව සොයා උඩුමහලට යන්නට ගියා..
👩🦰" දුව ඔයා මොකද කරන්නේ"
ශාන්ගේ මව යැන්ලිව සොයා යන විට යැන්ලි උඩු මහලෙහි ඇති බැල්කනී එකට වී ඇය විසින් පේලියට මල් පෝච්චි තුල පැල කර තිබූ මල් පැල වලට වතුර දමමින් සිටියා..
👩" මන් මේ මල් පැල ටිකට වතුර ටිකක් දාන්න ගත්තා මමා..ඔක්කෝම පැල ටික මැරිලා..කොහෙද උඩ තට්ටුව බදු අරන් හිටියට අපේ මල්ලි මේවාට ටිකක් සාත්තු කරන්නේ නෑනේ මමා😞😞"
ගස් වැල් වලට ආදරය කරන යැන්ලි මවට කියන්න උනේ දුකෙන්.ශාන්ගේ නිවසෙහි ඇති සියලුම ගස් කොලන් වල අයිතිකාරිය යැන්ලියි.ඇය නිවසේ සිටිමින් කාලය ගත කරන්නේ විවිදාකාර මලින් ගේ අවට අලංකාරය සදහා ගස් කොලන් වැවීමෙනුයි..
YOU ARE READING
💐💐 The fateful love 💐💐
Fanfictionආදරය යනු දෙවියන් විසින් කෙනෙක්ගෙන් තව කෙනෙක්ට දෙනු ලබන සුන්දර වූත් වටිනා කියන වූත් දෙයක්.. සමහරුන් ඒ ආදරය නිසාම ඒ කෙනාගේ සතුට වෙනුවෙන් තමන්ගේ ආදරය පරිත්‍යාග කරනවා... තවත් සමහරු ඒ වෙනුවෙන් මහ මෙරක් තරම් දුක් උහුලමින් ඒ ආදරය රැක ගන්න ජීවිතේම කැප කරන...