💐💐The Fateful Love💐💐
💚 Chapter 20 ❤️
Continue 🌹🌹🌹🌹
මේ විදියට බෝ ශාන් හා රන්ඩු කර ගිය පසු ඔහු යන අතර මගදී යැන්ලි හා චෙංව හමු වූ නිසා ඔවුන් බලෙන්ම බෝව නැවතත් ඔවුන්ගේ කූඩාරම් වෙත රැගෙන ආවා. ශාන් හා තිබූ කේන්තිය තාමත් එසේම තියෙන බව දන්නා චෙං බෝට ඔහු හා ඔවුන්ගේ කූඩාරමේ නිදා ගන්නා ලෙස කිව්වද එයට අකමැති වූ බෝ නැවතත් ශාන් සිටි කූඩාරමට පැමින ශාන් දෙසවත් නොබලා අනෙක් පසින් ඇල වී නිදන්නට වුනා. ශාන්ද මේ අවස්ථාවේ බෝ හා කතා නොකර ඔහුද හිත් රිදවගෙන සිටි නිසා බෝට කතා නොකරම අනෙක් පසට හරී නිදා ගත්තා.
Continue 🌹🌹🌹🌹
උදෑසනම අවදි වූ බෝ මූන කට සෝදන් ලෑස්ති වුනේ කෑම්පින් එකට සමු දී ආයෙත් නිවස බලා යෑමටයි. ඊයේ දවසේ සිදු වූ දේවල් නිසා දුකටත් කලකිරීමටත් පත් වී සිටි නිසාම තවත් මෙහි සිටිමින් කාලය ගත කිරීමට නොහැකි බව බෝ හිතුවා. බෝ අවදි වන විටත් ශාන්ද හොද නින්දේ සිටි නිසා කාටත් නොඇසෙන පරිදි ලෑස්ති වූ බෝ ෆෝන් එකත් කලිසම් සාක්කුවට දමමින් එලියට පැමිනෙන විට චෙං වෙනදට වඩා කලින් නැගිට එලියට පැමින සිටියා..
👨" අහ් බෝ කොහෙද මේ ලෑස්ති වෙලා උදේම යන්න හදන්නේ😟😟" චෙං බෝ දෙස පුදුමෙන් බලමින් ඇහුවා.
👨" මන් ගෙදර යනවා චෙනා. උබලා ඉතුරු දවස් දෙකත් ඉදලම වරෙන්. මට බෑ ගොඩක් මහන්සියි. ආයෙත් මගේ ඔලුව රිදෙන්න ගන්නවා😞😞" බෝ හිසෙහි පැත්තක් අල්ලමින් චෙංට කිව්වා.
👨" ඇයි මචං ආයෙත් උබට අමාරුද අහ් 😟😟 කියපන් බන් අමාරුනම් අපි යමු දැන්ම ඩොක්ටර් කෙනෙක් ලගට😟"
👨" නෑ නෑ චෙනා එහෙම ලොකුවට අමාරුවක් නැ. ඒත් රෑ ඉදලා නින්දක් නෑ ඔලුව කකියනවා මගේ. ගෙදර ගිහින් රෙස්ට් කරාම හරියයි. උබලා එන්ජෝයි කරලා වරෙන්.මන් ටැක්සි එකක් දාගෙන යන්නම්.☺️" බෝ බොරු හිනාවක් මවමින් ෆෝන් එකත් සාක්කුවට දමා ගත්තා.
👨" අනේ බන් මේ උබ පිස්සු කෙලින්නෙපා මෙන්න මේ පාඩුවේ ඉදපන්. අපිත් එන්නම් යන්න. උබව මේ ලෙඩ තියාගෙන කොහොමද තනියම යවන්නේ.මටත් මෙහෙ ආවට කිසිම විනෝදයක් නෑ බන්. මුල් දවස් දෙක විතරයි සතුටින් හිටියේ. කොහෙද ඉතින් අර වහන්තරාව ඇවිල්ලා ඔක්කෝම ප්ලෑන්ස් ටික විනාස කරානේ☹️☹️" චෙං එසේ යැන්සිට බනින විට යැන්සිව මතක් වූ බෝගේ අත් ඉබේම මිට මෙලවුනු බව චෙං දැක්කා..

YOU ARE READING
💐💐 The fateful love 💐💐
Fanfictionආදරය යනු දෙවියන් විසින් කෙනෙක්ගෙන් තව කෙනෙක්ට දෙනු ලබන සුන්දර වූත් වටිනා කියන වූත් දෙයක්.. සමහරුන් ඒ ආදරය නිසාම ඒ කෙනාගේ සතුට වෙනුවෙන් තමන්ගේ ආදරය පරිත්‍යාග කරනවා... තවත් සමහරු ඒ වෙනුවෙන් මහ මෙරක් තරම් දුක් උහුලමින් ඒ ආදරය රැක ගන්න ජීවිතේම කැප කරන...