💐💐The Fatefule Love💐💐
💚chapter 18❤️
Continue 🌹🌹🌹🌹
චෙං හා යැන්සි ඔවුන් සමග යැන්සිව ඇයගේ කූඩරම් හා යාලුවන් වෙත නැවතත් රැගෙන යන්නට වුනා. මේ අතර බෝව සොයමින් ගිය ශාන්ට බෝව සොයා ගත නොහැකි වූ අතර නැවතත් ඔවුන්ගේ කූඩාරම් වෙත එන්නට වුනේ බෝ නැවත පැමින ඇතිද කියා සිතමිනුයි.නමුත් ශාන් කූඩාරම් වෙත එද්දිත් බෝ එහි පැමින සිටියේ නෑ.
Continue 🌹🌹🌹🌹
👱♂️" අරුන් දෙන්නා මොනා කර ගත්තද දන්නේ නෑ🥺🥺..යීබෝ කඩාගෙන බිදගෙන ගියා කොහෙ ගියාද දන්නේ නෑ දෙන්නා එක්ක අපි ඉක්මනට ගිහින් බලමු නේද අක්කා..😟" චෙං යැන්ලිට අක්කා කියා කීවද ඒ හැමවිටම එය කියන්නට උනේ ගොත ගසන ලෙසිනුයි...අවුරුදු ගනනක සිටම යාලුවටත් හොරා ඔහුගේ සහෝදරියට ආදරය කිරීම ලොකු වරදක් ලෙස දුටුව චෙං එය සගවා තබා ගැනීමට බොහෝ වේලාවට යැන්ලිට අක්කා ලෙසම අමතන්නට විය. නමුත් කාලයගේ ඇවෑමෙන් තේරුම් ඇති වයසට පත් වෙමින් එන විට එලෙස ඇයට කතා කිරීම සදහා විශාල වෙහෙසක් දැරීමට චෙංට සිදු උනද ඔහු ඒ ගැන නොසිතා යාලුවා හා ඔහුගේ පවුල තමාට ගොඩක් වටින නිසා මේ හැමදේමත් ඔහුගේ ආදරයත් ඔහුගේ හිත යටම ගිල්වා තබා ගැනීමට උත්සහ කරන්නට වුනා..
👩" ඔව් චෙං මල්ලිට නම් බෝව පාලනය කරන්න අමාරු වෙයි.🥺මොකද බෝ කැමති නෑ එයාට බොරු කරන අයට. අනිත් එක අපිව පැත්තකට දාමුකෝ මල්ලිම බෝට කිසි දෙයක් නොකියා හංගන් හිටපු නිසා එයාගේ කේන්තිය තවත් වැඩි වෙන්න ඇති.😟😟🥺"
👱♂️" ඒක තමයි කෝකටත් අපි ගිහින් බලමුකෝ.. අනේ මන්දා මුන් දෙන්නා තකට තක. ප්‍රශ්නයක් උනාම දෙන්නගෙන් එකෙක්වත් ඉවසන්නේ නෑ. ඔක්කෝටම හපන් මුන් දෙන්නගෙම තියෙන මූලක් ගින්න..😑😑"
චෙං යැන්ලි හා ඔවුන් සිටි කූඩාරම් වෙත කතා කරමින්ම නැවතත් පැමිනියා. ඔවුන් එනවිටත් ශාන් පැමින තිබුනද බෝ පෙනෙන්න නොසිටි නිසා ඉක්මන් ගමනින් ශාන් වෙත ආ යැන්ලිත් චෙනාත් ශාන්ට කතා කරා..
👩" මල්ලි මොකෝ උනේ 🥺🥺 කෝ බෝ කොහෙද ගියේ දෙන්නම."
යැන්ලි එසේ අසමින් ශාන්ගේ උරහිසට අත තබන විට යැන්ලි දෙසට හැරැනු ශාන් දෙස බැලූ යැන්ලි කලබල වන්නට වුනේ ශාන්ගේ ඇස් වල තිබූ කදුලු දුටු නිසයි..
YOU ARE READING
💐💐 The fateful love 💐💐
Фанфикшнආදරය යනු දෙවියන් විසින් කෙනෙක්ගෙන් තව කෙනෙක්ට දෙනු ලබන සුන්දර වූත් වටිනා කියන වූත් දෙයක්.. සමහරුන් ඒ ආදරය නිසාම ඒ කෙනාගේ සතුට වෙනුවෙන් තමන්ගේ ආදරය පරිත්‍යාග කරනවා... තවත් සමහරු ඒ වෙනුවෙන් මහ මෙරක් තරම් දුක් උහුලමින් ඒ ආදරය රැක ගන්න ජීවිතේම කැප කරන...
