Continue 🌹🌹🌹🌹ක්‍රීඩකයින් එකිනෙකා කරට කර ක්‍රීඩා කරමින් තරග වැදුන අතර බෝ පලවෙනි ස්ථානය ලබා ගනිමින් ඉදිරියට එන්නට වුනා..බෝ දෙස බලමින් තව තවත් ශාන් යැන්ලි චෙං චෙංගේ යාලුවද කෑ ගසමින් සිටියදී අවට සිටි ගැහැනු ලමයින්ද යීබෝ දෙස බලමින් කෑ ගැසුවා..ශාන්ගේ මූන වෙනස් වන බව දුටු යීබෝ මගේ ජෙලසි බනියගේ මූන තමයි මූන කියා සිතමින්ම තරගයේ පලවෙනි තැන හිමි කර ගන්නට උනේ සියලු දෙනාගේම කෑ ගැසීම මැද්දෙයි.. ජයග්‍රහනය හිමි කර ගත් බෝ බයික් එක ස්ලෝ කරන ගමන් සතුටින් කෑ ගහන බනී දෙස බලන් සිටිද්දී සැමදෙනාවම කම්පා කරවමින් පිටුපසින් අධික වේගයෙන් පැමිනි මෝටර් බයිසිකය යීබෝගේ බයික් එකේ හැපී බෝත් සමගම විසික් වී මීටර් කිහිපයක් ඉදිරියට ඇදී යන්නට ගියා..කිසි දෙයක් සිතා ගත නොහැකි වූ ශාන් ඇතුලු සැවොම බෝ ලගට යනවිටත් ලේ විලක් මැද බෝ වැටී සිටින්නට විය..කෑ ගසා බෝ ලගට දිවූ බව පමනක් මතක් වූ ශාන් ලේ විලක් මැද වැටී සිටි බෝ දකිනවත් සමගම සිහි නැතුව බිමට ඇදගෙන වැටුනා..
Continue 🌹🌹🌹🌹
ශාන්ට සිහිය ලැබෙන විටත් ශාන් සිටින්නට උනේ රෝහලේ ඇදක් මතයි... සිහිය ආවත් සමගම කලබලව නැගිටීමට වෙර දරපු ශාන්ගේ අතෙහි කැනියුලාවක් ගසා තිබූ බැවින් හරි හැටි නැගිටීමට නොහැකි උනු ශාන් ගතෙහි ශක්තිය උපරිමයෙන් යොදා ඔහුගේ අතින් අනෙක් අතෙහි ගසා තිබූ කැනියුලාව ගලවා ඉවත් කරා..ඒත් සමග අතින් ලේ ආවද ඒ ගැන කිසිදු වගක් නොගෙන ඇදෙන් බැස ගත් ශාන් ඔහු සිටි රෝහල් කාමරයෙහි දොර ඇරගෙන එලියට පැමිනුනා..ඔහුගේ කාමරය දෙසට එනගමන් සිටි මවත් යැන්ලිත් ඔහුව දැක ඉක්මනින්ම ඔහු අසලට පැමින ඔහුව වාරු කර ගත්තද , මේ අවස්ථාවේදී ශාන් අඩන්නට උනේ බෝට කුමක් උනිද යන්න මවගෙනුත් යැන්ලිගෙනුත් අසමිනුයි..
👩🦰" අනේ මැනික අහන්නකෝ බෝට ඔපරේශන් එකක් කරනවා.. ඉතින් තාම එයා ඉන්නේ operation theater එකේ රත්තරන්.අපි ඔපරේශන් එක ඉවර උනාම බෝ පුතාව බලන්න යමු..දැන් ඔයා කාමරය ඇතුලට යන්න මැනික. බලන්න අතින් ලේත් එනවනේ..😢😢😭ශාන්ගේ මව හඩමින් ශාන්ගේ අත ගෙන ඇයගේ අතින් පිරිමදිමින් කියන්නට උනා..යැන්ලි අක්කද අඩමින් ශාන්ව වත්තන් කරමින් සිටින්නට වුනේ දැනටත් ශාන්ට හරි හැටි සිහි කල්පනාවක් නොමැතිව සිටින බැවින් කොයි වෙලේ හෝ ඔහු බිමට ඇදවවැටෙන බව දැන වුන් නිසයි..
YOU ARE READING
💐💐 The fateful love 💐💐
Fanficආදරය යනු දෙවියන් විසින් කෙනෙක්ගෙන් තව කෙනෙක්ට දෙනු ලබන සුන්දර වූත් වටිනා කියන වූත් දෙයක්.. සමහරුන් ඒ ආදරය නිසාම ඒ කෙනාගේ සතුට වෙනුවෙන් තමන්ගේ ආදරය පරිත්‍යාග කරනවා... තවත් සමහරු ඒ වෙනුවෙන් මහ මෙරක් තරම් දුක් උහුලමින් ඒ ආදරය රැක ගන්න ජීවිතේම කැප කරන...