💐💐The Fateful Love💐💐
💚chapter 07❤️
Continue 🌹🌹🌹🌹
👨"අනේ මේ 😡😡" ශාන්ට රවා ශාන්ගේ පිගානටත් බෝ කෑම බෙදා ශාන්ගෙ ලගින් තිබ්බා..
👨"කාලා ඉන්න😠😠"
👨"හ්ම්ම්ම්😞😞"
continue 🌹🌹🌹🌹
බෝගේ බල කිරීම මත ශාන් ආහාර ටිකක් ගත්තා..පසුව යැන්ලි අක්කටත් මවටත් පවසා දෙදෙනාම මිදුලට ආවේ බෝ විසින් පියාට කියා ගෙන්වා ගත් බයික් එකෙන් ඇකඩමියට යාම සදහයි..ටික දවසකට පසු නැවතත් බයික් එකක් පැදීමට ලැබුන සතුටින් බෝ ඉද්දී ශාන්ගේ හිතනම් බයික් එක නිසා තිගැස්සී තිබුනා..බෝ ඔහුගේ කලමනා රැගත් බෑගය කරේ දාගෙන බයික් එකට නැග හෙල්මට් එක දා ගත්තා..අනිත් හෙල්මට් එක ගෙන ශාන්ගේ අතේ තබා නගිනා ලෙස ඇගිල්ලෙන් බයික් එකේ පිටු පස පෙන්නලා කිව්වා..
👨"බෝ ඔයා දැන් ඇකඩමි එකට යන්නේ නතර වෙලාම ඉන්නනේ.ඉතින් කෝ ඔයාගේ අනිත් බඩු ඔය පොඩි බෑග් එකක්නේ එල්ලන් ඉන්නේ..😳😳 "ශාන් ඇසුවේ පුදුමයෙන්..
👨"මන් මගේ අනිත් බඩු ටික යැව්වා ඊයේ රෑම.." බෝ සිනා සී කිව්වා..
👨"ඊයේ රෑ😯😯 ඒ කාගේ අතේද"
👨"ඇයි ඊයේ බයික් එක දෙන්න ආවේ පපාගේ යාලුවෙක්නේ..එයත් ඉන්නේ ඇකඩමි එක කිට්ටුවමයි.එයාමයි මට ඔය ඇකඩමිය ගැනත් කිව්වේ..මට බයික් එකේ ඒ බඩු ටික අරන් යන්න බැරි නිසා ඊයේ ආව වෙලාවේ මන් එයාට කිව්වා ඒ ටික අරන් යන්න කියලා.." බෝ ඇගට පතට නොදැනී කිව්වා..
👨" එහෙමද..🥺🥺 ඒත් බෝ අපි බයික් එකේම යන්න ඕනේද.මන් කාර් එකේ ඔයාව අරන් යන්නම්.පස්සේ බයික් එක එවන්නද"
👨"එහෙම බෑ 😣😣..මට බයික් එකේමයි යන්න ඕනේ ගොඩක් දවසකින් මන් මේ බයික් එකක් අතට ගත්තේ..කෝ නගින්නකෝ දැන්.."
👨" බෝ අපි කාර් එකේ යමුකෝ🥺🥺"ශාන් බයෙන් වගේ කිව්වා..
👨" බෑ ශාන් මට මේකේ යන්න ඕනේ😠"
👨"අනේ බෝ අදට විතරක් කාර් එකේ යමු"
ශාන් මෙසේ බෝ එක්ක යන්න බයෙන් ඔට්ටු අල්ලමින් සිටි අතර ශාන්ව ලගට ඇදගත් බෝ ශාන්ගේ හෙල්මට් එක අරන් ශාන්ට දාන්න උනා..
YOU ARE READING
💐💐 The fateful love 💐💐
Fiksi Penggemarආදරය යනු දෙවියන් විසින් කෙනෙක්ගෙන් තව කෙනෙක්ට දෙනු ලබන සුන්දර වූත් වටිනා කියන වූත් දෙයක්.. සමහරුන් ඒ ආදරය නිසාම ඒ කෙනාගේ සතුට වෙනුවෙන් තමන්ගේ ආදරය පරිත්‍යාග කරනවා... තවත් සමහරු ඒ වෙනුවෙන් මහ මෙරක් තරම් දුක් උහුලමින් ඒ ආදරය රැක ගන්න ජීවිතේම කැප කරන...
