❤️chapter 02💚

292 53 11
                                    

💐💐The Fateful Love💐💐


👨‍🦰"හරි පුතා  එහෙනම් ඔයා එහේ යන්න වැඩ කටයුතු ලෑස්ති කරගෙන මට කියන්නකෝ. ඔයාට එහේ ගිහින් නතර වෙන්න තැනක් මන් හදලා දෙන්නම්. මගේ යාලුවෙක් එහේ ඉන්නවා ඔයාට එයාලගේ ගෙදර නතර වෙලා ඉන්න පුලුවන්. මන් අදම එයාලා එක්ක ඒ ගැන කතා කරන්නම්.පුතා ඉතුරු වැඩ ගැන බලන්නකෝ .."කියමින් බෝගේ හිසද අතගා කෑම කෑමෙන් පසු මේසයෙන් නැගිට ගියේ කාර්‍ය්‍යාලය සදහා පිටත් වීමටයි..

Continue🌹🌹🌹🌹

☀️☀️☀️☀️
සුපුරුදු පරිදි ශාන් උදෑසනම නැගිට ලෑස්තී වී පොත් සාප්පුවට යෑම සදහා සූදානම් උනා.යන අතරමග ශාන් කල්පනා කරමින් ගියේ පොත් සාප්පුවට තවත් පැත්තකින් කියවීම සදහා කොටසකුත් එකතු කරානම් පොත් මිලදී ගත නොහැකි ලමුන් සදහා යම්කිසි උදව්වක් එය මගින් තමන්ට ඉටු කල හැකිය යන්නයි. මේ සම්බන්ධව  පියා සහ චෙං සමග කතා කරන්න ඕනෙයි සිතමින් ම ඔහු පොත් සාප්පුව වෙත පැමින තිබුනා..ඔහු යන විටත් චෙං එහි පැමින සිටි බව දැකපු ශාන් ඇසක් ඉගිමරමින් '

👨"ගුඩ් මෝනින් චෙනා ඇයි උබ අද කුකුලත් අතින් අරගෙනම😁 අද නිකන් මූනේ ලයිට් පත්තු වෙන ගතියකුත් මට පේනවා වගේ බන් 😆😆 මොකෝ එන ගමන් කෑල්ලක්වත් සෙට් උනාද උබට ටෝක් කර කර ඉන්න...😁😁"

👨"මං කිව්වා කියලා හිතා ගනින්කෝ..😑 උබලට ඉතින් අපි චුට්ටක් හිනා වෙලා හිටියත් වැරදියිනේ යකෝ.."  චෙනා කියන්නට උනේ අහක බලමින් නෝක්කඩු මූනක් පෙන්වන
ගමනුයි.

👨"අම්මෝ බන් අබ ටිකක් තිබ්බනම් දාලා බලන්න තිබ්බා උබේ මූන පුපුර හැටි..🙃🙃 ඒක නෙමෙයි බන් මට අයිඩියා එකක් ආවා මන් මේ එන ගමන් කල්පනා කරේ උබටයි පපාටයි ඒ ගැන කියලා ඒ දේ පටන් ගන්නද බලන්න.."

👨"මොකද්ද බන්"

👨"මේකයි මචං අපේ පොත් ගන්න ගොඩක් මේ අවට ඉස්කෝලවල් වල ලමයි එනවනේ..ඒ උනාට සමහර ලමයි ඉන්නවා බන් පොත් ගන්නවත් අතේ සල්ලි නැති අය.මන් බැලුවේ ඒ වගේ ලමයිට අපේ සාප්පුවේ සයිඩ් එකකින් වෙනම කියවන්න තැනක් හදලා දුන්නනම් ඉස්කෝලෙට ඕන වෙන නෝට් ටික ඕන පොතකින් බලලා මෙතනින්ම ලියාගෙන යන්න පුලුවන්නේ ඒ ලමයිගේ ඉගෙනීමට ඒක ගොඩක් වැදගත් වෙයි බන්.."

💐💐 The fateful love 💐💐Where stories live. Discover now