😇Chapter 5...😇

129 29 6
                                    


මේ දේවල් ගැන හිත හිතම මන් යුනිවර්සිටි එකට ගියා... ලෙක්චර් හෝල් එකේ ඉඩ තිබුනු පිටිමපස්සෙ නොව්නත් පිටිපස්සෙ ඩෙස්ක් එකක මන් ඉඳගත්තත් ඉස්සරහ ඩෙස්ක් එකේ ඉන්න කෙනා දැක්කමයි මට තරු පෙනුනෙ... ඒ යුන්ගි හ්‍යුන්... මන් ආදරේ කරන කෙනා... අද photography ලෙක්චර් එක මට අහන් ඉන්න වෙන්නෙ නැති පාටයි... යුන්ගි හ්‍යුන් මගෙ ඉස්සරහ ඉන්නකොට මන් කොහොමද ලෙක්චර් එකට අවදානෙ දෙන්නෙ?... රෙද්ද තමා... එයාට තිබුනෙ පූසෙක්ගෙ වගේ චූටි ඇස් දෙකක් උනත් ඒවා තද කලු පාටින් දිලිසෙනවා... කොන්ඩෙත් කලුම කලුයි... යුන්ගි හ්‍යුන් ගොඩක් සුදු හින්දා තවත් හැන්සම්... ලෙක්චර් එක පටන් ගත්තා... ඔව්... මන් ආසම photography වලට... ලෙක්චර් එක අහන් ඉන්න ඕනෙම උනත් අන්තිමට මන් කරේ මුලු ලෙක්චර් එක පුරාවටම යුන්ගි හ්‍යුන් දිහා බලන් හිටපු එක... හුම්ම්... එයාට නම් පුදුම තරම් කම්මැලී වගේ... වටේ පිටේ මොනවා උනත් එයා සැප නින්දක... මන් යුන්ගි හ්‍යුන්ට ආදරේ කරාට අපි දෙන්නට දෙන්නා තාම එක වචනයක්වත් කතා කරලා නෑ... අන්තිමේදි මන් තීරණයක් ගත්තා... තවත් මේක කරන්න බෑ... මන් අද යුන්ගි හ්‍යුන්ට මගේ හිතේ තියෙන දේ කියනවා...

MOCHI |COMPLETED |Where stories live. Discover now