😇Chapter 17...😇

99 28 2
                                    


මන් කෙල්ලව බිමින් තියපු ක්ශනිකව එයා දුවගෙන ගියා... කොහෙ ගියාද මන්දා...

"හරි ශෝක්😭❤️..."

මන් මටම කියාගෙන ගෙදර ආවා... ම්ම්...මෝචි... ඒ නමින් තමා මාව හැමෝම දැනගෙන හිටියෙ... ඊට කලින් මම චිමී... ඒ වගේම හැමතැනකදිම මන් ඇස් දෙක වැහෙන්න දාන කලු දිලිසෙන මාස්ක් එකක් පාවිච්චි කරා... මොකද මන් කැමති නෑ ප්‍රසිද්ධ වෙන්න... මෝචි කියන නම හැදුනෙ, දවසක් පොඩි ළමයෙක් දැකලා තිබුණා මන් මාස්ක් එක අයින් කරන විදිහ... මන් මොන වගේද ඇහුවම එයා කියලා තිබ්බෙ මෝචියක් වගේ කියලා...

දැන් හ්‍යුන් කොහේ ඉන්නවද දන්නෑ... අප්පා සතුටින්ද දන්නෙත් නෑ... එතකොට යුන්ගි හ්‍යුන්?... මට කොහොම උනත් අනිත් හැමෝම සතුටින් ඇති කියලා මං විශ්වාස කරනවා... ආයෙ හෙට මම කොරියාවට යනවා... වැඩි කාලයක් එහෙ ඉන්න නම් අදහසක් නෑ...

හ්‍යුන්... එයා තාමත් මාව දකින්න කැමති නැත්තං දුර ඉඳන් බලන් ඉඳලා හරි එනවා... මට ඒ සුපුරුදු රැවිලි ගෙරවිලි නැතුව මේ අවුරුදු නවය ඉන්න කොයි තරම් අමාරු වුනාද කියලා දන්නෙ මං විතරයි...

______________________________

"ශේකි..."

"අනේ අප්පා..."

"ශේකි... මෙහාට එන්න මං ආයෙ කියන්නෑ..."

"අනේ අප්පා... මාව බේරගන්නකෝ... මේ පපා ගහන්න එනවා..."

MOCHI |COMPLETED |Tahanan ng mga kuwento. Tumuklas ngayon