"ඇති හොබී... අද විතරනෙ... පව්නෙ...""එහෙම කොහොමද කියන්නෙ මේ ළමයව හොයාගන්න නැති වුණා නම්?... මොකද්ද කියන්නෙ ආ?..."
හොබී කෝටුවකුත් අරගෙන පුංචි ශේකි පිටිපස්සෙ දුවගෙන එනකොට කෙල්ල යුන්ගිගෙ කකුල් අස්සෙ හැංගුණා..."
"හරි දැන් කොහෙද ගියෙ කියන්නකො..."
යුන්ගි එහෙම කියන ගමන් කෙල්ලව වඩා ගත්තේ ආදරෙන්...
"මන් ගියේ මෝචි අන්කල්ගෙන් ෆොටෝ එකක් ඉල්ල ගන්න..."
"කෝ දැන් ඉල්ල ගත්තද?..."
"දේ අප්පා..."
එහෙම කියපු ශේකි යුන්ගිගෙන් මිදිලා දුවන් ගියේ එයාගේ කාමරේට... ශේකි ආපහු එළියට ආවේ එක අතක සුදු ලියුම් කවරයක් එක්ක...
"මේ අහන්න... ආයෙ කොහේ හරි යනකොට අප්පට හරි පපාට හරි කියලා යන්න ඕන හරිද?..."
"හා..."
"පපාට ප්‍රොමිස් වෙන්න..."
"ප්‍රොමිස් පපා..."
කෙල්ල හොබීට ප්‍රොමිස් වෙනකොට යුන්ගි නිකමට ලියුම් කවරෙ අරන් බැලුවා... එයාගෙ අතින් ලියුම් කවරෙ අතාඇරුනා... යුන්ගිගෙ අත් වෙව්ලන්න ගත්තා...
"එයා ඉන්නවා..."
"කව්ද යුන්ගි?..."
ජිමින් දැනගෙන හිටියේ නෑ ජිනුයි ටෝනි මොන්ටානා එකේ ඕනර් ටේ දෙන්නා සහෝදරයො කියලා... ඒ වගේම යුන්ගි කියන්නේ ටේගෙ කසින් කියන එකත් එයා දැනගෙන හිටියෙ නෑ... ජිමින් හදිසියේම රට ගියත්, නාම්ජූන් යුනි එකට කිව්වෙ ජිමින් මැරිලා කියලයි...