මන් ආපහු ඇස් පිහිදලත් බැලුවා... එතන හිටියෙ යුන්ගි හ්‍යුන් යුනි එකේ තව බෝයි කෙනෙක් එක්ක..."ජිමින් ඔයා මෙහෙ?..."
"හ්‍යුන්?..."
අපි කතාකරන අතරෙදි ස්වැග් බෝලෙ අදින්න ගත්තු නිසා මන් ඒක එයාට දුන්නා... මන් හිනා නොවී බැරිකමට හිනාවෙලා හිටියෙ...
"අදුරගන්න මේ මගේ බොයිෆ්‍රෙන්ඩ් හොබී... ඔයාට වඩා නම් වැඩුමල් මන් හිතන්නෙ..."
යුන්ගි හ්‍යුන් ඒ කොල්ලා දිහා බල බල කිව්වම එයා ලැජ්ජාවෙන් වගේ මාත් එක්ක හිනාවෙලා අතට අත දුන්නා...
"හායි හොබී හ්‍යුන්..."
ඒ දෙන්නා නම් අත් අල්ලගෙන හිටියෙ...
"ඉතින් ජිමින් මෙහෙ මොකද කරන්නෙ තනියෙම?..."
"මන් ගොඩක් වෙලාවට බීච් එකට එනවා හ්‍යුන්... මන් අද ගත්තු පොටෝස් වල ඔයාලා ලාවට ඉන්නවා... කමක් නැද්ද?..."
"අනේ කමන් නෑ... ආ... දැන් යන්න ඔනෙ... වෙලාව හරි හොබී..."
යුන්ගි හ්‍යුන් වොච් එක බල බල කිව්වා..
"අපි ගිහින් එන්නම් ජිමින්..."
"හරි හ්‍යුන්... පරිස්සමෙන් යන්න..."
එයාලා යනකම් මන් හිත ගල් කරන් හිටියත් ලොකු කදුලු බින්දු දෙකක් මගෙ කම්මුල දිගේ රූටලා බිමට වැටෙනවා මට දැනුනා... මන් එහෙමම බිම වාඩි වෙලා කොන්ඩෙ අව්ල් කරගත්තෙ පිස්සෙක් ගානට...