එයා මාව අයින් කරන්න හැදුවත් මන් ඉක්මන් උනා..."මන් යන්නම් හ්‍යුන්..."
වෙව්ලන කටහඬකින් කියපු මම ඉක්මනට ඇවිත් එළියෙ නවත්තලා තිබුනු ටැක්සී එකට නැග්ගා...
"යමු... ෆ්ලයිට් එකට පරක්කු වෙන්න බැහැ..."
Author's pov...
නාම්ජූන් ඇත්තටම ජිමින්ට ගොඩක් ආදරය කළා... එයා වෛර කළේ ජිමින්ගෙ පෙනුමට විතරයි... ඒ වගේම ජිමින් එදා යුනිවර්සිටි ගිහින් මහන්සි වෙලා එහෙමම ඇඳට වැටුනු වෙලේ නාම්ජූන් එයාව බලන්න ආවා... සපත්තු දෙකයි බෑග් එකයි අයින් කරපු නාම්ජූන් AC එක වැඩි කරලා ජිමින්ගෙ එහා පැත්තෙන් ඉදගත්තා...
"මියානේ ජිමින්... ඇයි ඔයාට බැරි කේන්ති ගන්න ?... රණ්ඩු කරගන්න ?... මීට වඩා දරුණු වෙන්න?... හාවෝවත් ඔයා තරම් අහිංසක නෑ ජිමින්... ඔය තරම් ඉවසන්න එපා... බොරුවට වැරදි බාර ගන්නත් එපා... බය වෙන්නත් එපා... ඔය විදිහට මලක් වගේ සමාජෙත් එක්ක ජීවත් වෙන්න බෑ කියලා ඇයි ඔයා තේරුම් ගන්නෙ නැත්තෙ ජිමින්?... අද ජින් මට කිව්වා උදේ වෙච්ච සිද්ධිය..."
නාම්ජූන් ජිමින්ගෙ සිනිඳු කෙස් අතරින් තමන්ගෙ දිග ඇඟිලි ගෙනිච්චෙ එයාගෙ තදින් පියවුණු ඇස් දිහා බලන ගමන්...
"මට ඕනෙ කරන්නෙ ඔයාව ශක්තිමත පිරිමියෙක් කරන්න ජිමින්..."