අප්පා මිනීමැරුවා... ඩ්රග් ඩීල්ස් කරා... කප්පම් ගත්තා... ඔය වගේ එකී මෙකී නොකී දේවල් ගොඩාක් අප්පා කරා... මට ටික ටික හැමදේම තේරෙනකොට මන් අප්පට කිව්වා ඕවයින් අයින් වෙන්න කියලා... ඒත් අප්පගෙ උත්තරේ උනේ ඔම්මත් නැතුව මේවයින් තනියෙම අයින් වෙන්න අමාරුයි කියන එක වගේම එයා පරක්කු වැඩී කියන එක... ඔව්... මන් බයෙන් හිටපු දේ සිද්ද උනා... මීට මාස තුනකට කලින් අප්පව NIS එකෙන් ඇරෙස්ට් කරා... ජීවිතාන්තය දක්වා... මන් කියලා මොනවා කරන්නද?... ම්ම්?... ඒ වගේම මට තව මොනවාහරි නැති වෙන්න තියෙනවද?... දෙවියො අපෙන් දෙයක් උදුරගන්නෙ ඒ වෙනුවට දෙයක් දීලලු... ඒත් උඩ ඉන්න කෙනා හැමදේම මගෙන් උදුරගත්තා මිසක් ඒ වෙනුවට මුකුත්ම දීලා නෑ..."මන් ගිහින් එන්නම් හ්යුන්... කෑම හදලා තියෙන්නෙ... කන්න... "
මන් ලෑස්ති වෙලා පහලට ඇවිත් හ්යුන්ටත් එහෙම කියාගෙනම එලියට බැස්සෙ යුනිවර්සිටි යන්න... එයාගෙන් මට උත්තරයක් ලැබුනෙ නෑ හැමදාම වගේ... නාම්ජූන් කියන, ලීගල් ඉල්ලීගල් ඕනෙම දෙයක් තියෙන, ලොකු අන්ඩර්වල්ඩ් කින්ග් කෙනෙක් වගේම ටොප් බිස්නස්මන් කෙනෙක් වෙන මනුස්සයා තමයි මේ ලෝකෙ තනිවුනු ජිමින්ගෙ එකම හ්යුන්...