😇Chapter 16...😇

100 27 4
                                    


මන් නතර උනේ ඒ ෆොටෝ එක ඉස්සරහ... ඔව්... මගේ මුලු ජීවිතේම වෙනස් කරපු ඒ photography එක... ඒ වගේම මට මේ මුලු ලෝකෙම ආදරේ කරන්න ගත්ත ෆොටෝ එක... මීට අවුරුදු නවයකට කලින් බීච් එකේදි යුන්ගි හ්‍යුන්, හොබී හ්‍යුන්, එයාලගෙ බලු රාල ස්වැග් ඉන්න ඒ ෆොටෝ එක... කව්ද හිතුවෙ මේක මෙච්චර දුර එයි කියලා?... මන් ටික වෙලාවකට ඒ මතකත් එක්ක තනිවුනා...

"මෝචි අන්කල්..."

මන් පියවි සිහියට ආවේ කොන්ඩ දෙකක් බැඳපු චූටි කෙල්ලෙක් මගේ කකුලෙන් අල්ලලා හොලවනකොට...

"ඕ... කවුද මේ..."

මං එයාව වඩා ගත්තා...

"මට ඔයා දිනපු පින්තූරයක් දෙනවද?... මං පින්තූර ගොඩක් එකතු කරනවා..."

"ම්වො?... දිනපු පින්තූරයක් කිව්වෙ?..."

"මෙන්න මේකෙ චූටි එකක්..."

එයා අත දික් කරේ අවුරුදු නමයකට කලින් ගහපු ඒ බිත්තියෙ එල්ලල තිබුන ලොකු ෆොටෝ එකට... ඔහෝ... එයා ඉල්ලන්නෙ ෆොටෝ කාඩ් එකක්... මම් ගාව තිබුනු ෆොටෝ ගොඩෙන් එයාට එකක් දුන්නම එයා මගෙ කම්මුලේ යටට වෙන්න පොඩි කිස් එකක් දුන්නා...

"කුමාවෝ මෝචි අන්කල්..."

"බබාගෙ නම මොකද්ද...ම්ම්?..."

"මම ශේකි..."

"හ්ම්... එහෙනම් ගිහින් එන්න හොදද..."

"බායි මෝචී..."

"බායි..."






MOCHI |COMPLETED |Dove le storie prendono vita. Scoprilo ora