"මේ මොකද්ද?..."මගේ ඇහැ ගියේ ටේබල් එක උඩ තිබුණ කොළ කෑල්ලකට...
"හ්යුන්...
ඔයා මට වයිර කරනවා ඇති මන් ඔම්මා වගේ නිසා... අනේ කමක් නෑ හ්යුන්... මන් තරහ නෑ... දෙවියො මගෙ හැමදේම උදුරගත්තා හ්යුන්... ඉතින් මට තව නැතිවෙන්න දෙයක් නෑ... අප්පා අපට ඉතුරු කරපු සල්ලි වලින් මන් ටිකක් ගත්තා... එහෙනම් හ්යුන් මන් යනවා... ජින් හ්යුන්ව මැරි කරලා සතුටින් ඉන්න... එයාව බලාගන්න... පරිස්සමෙන් ඉන්න හ්යුන්...
ජිමින්..."
"එතකොට...එතකොට... එයා ඇත්තටම ගිහින්?... අනී... ඔය කොල්ලා ආපහු එයි... "
මගේ හිත මටම කියද්දි අනිත් පැත්තට මට දැනුණේ ජිමින් ගැන ලොකු බයක්...
"අනී... මං අඩන්නෑ... පිස්සුද?... මං මොකටද අඬන්නේ?... මේ විදිහට මාෆියා කින්ග් කෙනෙක්ට අඬන්න පුලුවන්ද..."
මං මටම කියා ගත්තත් මගේ ඇස්වලින් ජීවිතේ තුන්වැනි වතාවට හිතලම කඳුළු වැටුණා... පලවෙනි එක ඔම්මා... දෙක අප්පා... දැන් ජිමින්... මට ලැබිලා තියෙන්නෙ නොලැබීමම විතරද?...
Author's pov...
ජිමින් ගිය එකට නාම්ජූන් ගොඩක් දුක් වුණා... ඒ වගේම එයා විස්තර හොයාගෙන යනකොට දැන ගත්තා ජිමින් රටින් පිටවුනා කියන එක... ඒ usa කියන එක දැනගත්තම නාම්ජූන්ට ඉහෙන් කනින් දාඩිය දාන්න ගත්තා... මොකද එයා දැනගෙන හිටියා කොරියාව වගේ නෙමෙයි ඇමෙරිකාව කියන එක... ඒ වගේම නාම්ජූන්ගෙ ගොඩක් වැඩවලට usa වල අය උදව් කරේ නෑ... ඒත් ඒ අතර විශ්වාසවන්තම සේවකයො හිටියෙ නැත්තෙමත් නෑ... ඇමෙරිකාව කියන්නෙ හිතනවට වඩා ලොකු රටක්... කවදා කොහෙ කියලා ජිමින්ව හොයන්නද?... නාම්ජූන්ට තිබුනු එකම බය ජිමින් කාගෙ හරි අතින් විනාස වෙයිද කියන එක විතරයි...