එතකොට මන් ආදරේ කරපු එකත් වැරදිද... උඩ ඉන්න කෙනා මේ පාරත් දිනුම් එහෙනම්... එහෙනම් යුන්ගි හ්‍යුන්ට හවසට ගමනක් යන්න වෙනව කියල කිව්වෙ මේක ගැනද... මං ඔහේ පණක් නැති ගානට ගෙදර ඇවිත් සෙටියට වැටුණා... මට වටේ පිටේ මුකුත් පෙනුනේ නෑ... ඇස් නිලංකාර වෙච්ච නිසා මං ඇස් පියා ගත්තා... ටිකකින් මට දැනුණේ නළලට ලොකු බරක්... මගේ අතේ උණුහුමක් දැනුනා... ඒ ටච් එක... හ්‍යුන්... එතකොට එයා මං ලගට ඇවිල්ලද... මට ඇස් අරින්න බැරි වුණා... ඒ නිසා මම අත හෙලෙවුවා... මට දැනුන විදිහට හ්‍යුන් එතනින් ගියා...දවස් දෙකක් ගිහිල්ලත් හ්‍යුන් තාමත් ගෙදර ආවෙ නෑ... සමහරවිට ජින් හ්‍යුන් එක්ක ඇති... මං මේ දවස් දෙකට මට ගන්න පුළුවන් හොඳම තීරණය ගත්තා... මං මේ හැමදේම අතඇරලා යනවා... කොහේ හරි දුරකට...
මං කඳුළු පිරිච්ච ඇස් දෙකෙන් ලියුම් කෑල්ල නමලා ටේබල් එක උඩින් තිබ්බා... එතකොටම වගේ මට ඇහුනේ හ්‍යුන්ගෙ බයික් එකේ සද්දෙ... හ්‍යුන් වෙනදා වගේම බයික් එකේ යතුර කරකව කරකව මන් දිහා බලන්නෙවත් නැතුව kitchen එකට ගියා... මං ඒ පස්සෙන් ගිහින් හ්‍යුන්ව පිටිපස්සෙන් බදාගත්තා...