"ඕහ් ශිට්... මොකෙක්ද ඒ..." මට හරිම කේන්තියි... මම තොලත් පිහිද පිහිද අම්මට ගිහින් කිව්වා මට අසනීප නිසා ගෙදර යනවා කිව්වා දෙයියනේ මට හරි තරහයි.
මට ඕනේ වුනේ ඈතට යන්න තනියම. කැබ් එකක යන්නම් කියලා අම්මට කිව්වත් මම පයින්ම පුලුවන් තරම් දුරක් යන්න හිතා ගත්තා. මම ඇත්තටම වුන දෙයින් හිටියෙ මොකක්ද වුනේ කියලා හිතන ගමන්. මට චීනෙ තාම හුරුපුරුදු නෑ. මම ගියා තනියම හිතින් එක එක ඒවා හිත හිත. මොකක්ද මේ.... සෙල්ලම් පිට්ටනියක් ලග මම නැවතුනා. මම මෙතන දන්නෙ නෑ. ඒත් මම ආවා. එතනම තිබ්බ කඩේන් අයිස්ක්‍රීම් එකක් අරන් ආව මම ඔංචිල්ලාවේ ඉද ගත්තා. අද හද හරි ලස්සනට පායලා තිබ්බා. කළු වළාකුළු අහසෙ තැනින් තැනට දුවද්දී මම බලන් හිටියා. ඒත් මට කෙනෙක්ව මතක් වුනා හුරුපුරුදු කටහඩක් මට ඇහෙනවා. මට හිතුනා මෙතන මම කලින් ඉදලා තියෙනවා කියලා. එත් ඒ ඔක්කොම රූප බොද වෙලා. මේ අවුරුදු ගානටම මම නින්දෙන් බය වෙලා නැගිට්ටේ ඒ රූප නිසා. ඒත් අද හීනයක් නෙවේ.
කළුවර එන්න එන්නම වැඩි වෙද්දී මගෙ බය ටික ටික ඇවිස්සුනා. ඒත් මොහොතකට මම තනි වෙලා නෑ කියලා දැනුනා. ඔව් මාව කිස් කරපු කෙනා ඇවිත්.
"චාන්...." හිමින් මුමුණනවා.
"....."
"චාන්..." එයා මොකක් හරි දේකට බය වෙච්ච කෙනෙක් වගෙ හිටියෙ.
"මොකද?"
"අපි මෙතනින් යමු. මට බයයි..."
"ඒ ඇයි. ඔයාට යන්න පුලුවන් මම අල්ල ගත්තෙ නෑ..."
"එත් මට බයයි... මම කළුවරට බයයි."
"එහෙනම් මොකටද මෙතනට ආවේ..."
"ඔයාව දාලා යන්න බෑ ආයෙ පාරක්."
"ආයෙ අයෙ ආයෙ ගාන්නෙ පිස්සුවෙන්ද? මම තමුන්ව දැක්කෙත් එයාපෝර්ට් එකෙ පිස්සෙක් වගෙ දුවද්දී..."
"ඔව් අපි දන්නෙ නෑ.. ඒත් මාත් එක්ක ඉන්න අද. මට බයයි.." දන්නෙ නෑ ඒ ඇස් වල කදුළු එන්න වගෙ බොද වෙලා. එයා හිටියෙ හොදටම බය වෙලා. හොදට තිබ්බ අහස මැලවුනා වගෙ කරන්ට් එක ගියෙත් හිතන්න වේලාවක්වත් නොතියා. ඇත්තමයි මම බය වුනා. මන් ගැන නෙවේ එයා ගැන හේතුවක් කියන්න බැරි වුනත් මම එයාව හෙව්වා... එතකොටයි කකුල් නවන් බිම ඉදන් ඉන්න එයාව මගෙ ෆෝන් එකෙ එළියට දැක්කේ... ගැහි ගැහි හිටිය එයාව මම බදාගත්තා. එත් ඇයි මම මෙහෙම කරන්න ඕනේ. එයා මාව කිස් කරපු ආගන්තුකයෙක් විතරයි.
YOU ARE READING
Welcome 💔Who are You ❤️🩹 (Completed)
Romanceනොදත් දෑ සමගින් මේ ගමන් මග වෙහෙසයි මට නුඹත් මමත් හමු වූ විට මගෙ අදුරු ලොවේ ඇති හූගාක් මතක අවදි විය වෛරයක් පමණක් නොවේ මා සිතේ නුඹ ගැන තිබ්බේ ඉතින් මා ලගට විත් සුවපත් කරන්න මා ආදරේන්..... ලමයි bl එකක්... කැමති නැති අය බලන්න එපා.... මේ yizhan ff එකක්...