05. ආපස්සට අඩියක්

299 76 3
                                    

අර ඊයෙ දැක්ක යී බෝ ට වඩා අද යීබෝ වෙනස් මම දන්නෙ නෑ ඇයි කියලා එයා එදා කිස් කරපු දවසෙ ඉදන් මට නින්දක් නෑ. මම ඇබ්බැහි වෙලා වගෙ. මට ඇමරිකා ඉද්දී චින ගෑණුලමයෙක් හිටියා. එයාට ඕනෙ වුනෙත් ආදරේ නෙවේයි වගෙ පොසත් පවුලක එකම දුව ඇමෙරිකා වල ඉද්දී මගෙන් ඉල්ලුවෙ වෙන වෙන ඒවා. මගෙන් ලැබුනෙ නැති වෙද්දී ඇමරිකන් කෙනෙක් එක්ක සෙට් වෙලා තිබ්බා. මට ඕනෙ කමක් නොතිබ්බාම නෙවේ එත් මම එයා ලගදී හෙව්වේ ආදරේ එත් එයා ලග නොදැනුන මොකක්ද එකක් යීබෝ ගෙ කිස් එක මට පෙන්නුවා ඒත් මම එහෙම හිතන්න කැමති නෑ. බොහො විට ඒ සමාජේ මාව කොහොම කෙනෙක් විදිහට හිතයිද කියන බය නිසා. අපි ඔක්කොම සංස්කෘතිය කියන රාමුව ඇතුලේ හිර වෙලා. අන්න ඒ නිසා සමලිංගික අයව ලෙඩක් වගෙ දකින අය අප්පිරිය කරන අය මේ ලෝකෙ පිරිලා. ඒ නිසා මම ඒ කිස් එකට බය වුනා. ඒත් මම දන්නෙ නෑ ඇයි කියලා ඒක ආයෙ විදින්න ආසයි... 😔💔

"චාන් මේ බලපන්..." කල්පනා කර කර හිටිය මගෙ කරට බර අතක් වැටුනා. ඒ මගෙ එකම යාලුවා ලියූ හයි ක්වාන්..
"මොනාද බලන්න ඕනේ දැන්..." මම ක්වාන් ගෙ ඇස් දෙක දිහා බලන් ඇහුවා.
"පොඩි අපේ මස්සිනා මෙහෙ ඇවිත්. අපි එක්ක කැම්පස් යන්න..."
"ඉතින්..."
"ඉතින් අපි එක්ක තමා ඉන්න වෙන්නෙ ඔයාට අවුලක් නෑනේ..."
"මට ඇයි..." ක්වාන් එහෙම කියද්දී මට ටිකක් අවුල් ගියා. මම තනියම හිටියට මිනිස්සු ඇලජි නෑ...
"ඔයා ඇමෙරිකා ඉදන් ආවේ. මම හිතුවා එකපාරටම මෙහෙම යාලුවෝ තියා ගන්න එක අවුල් ඇති කියලා."
"අනේ නෑ ක්වාන්..." මම ක්වාන්ගෙ පිටට තට්ටුවක් දාලා කරට අත දා ගත්තා....

"චාන්...." මගෙ පිටිපස්සෙන් හිටියෙ යී බෝ. එක හරි සීතල කටහඩක්. එයාගෙ යාලුවා චෙන් වත් හිටියෙ නෑ.

"කියන්න යී බෝ..."
"ඇයි මේ..."ක්වාන්ගෙ කර වටේ දාන් හිටිය අත දිහාට ඇගිල්ල දිග් කරන් එයා ඇහුවා.
"මේ මගෙ බෝයි ෆ්‍රේන්ඩ්. ක්වාන්... ක්වාන් මේ යී බෝ...." ඒ ඇස් ලොකු වුනා කදුලු නැතත් දුකක් තිබ්බා වගෙ. ක්වාන් මගෙ ඉණට වැලමිටෙන් ටිකක් ඇන්නෙ වුනේ මොකක්ද තේරුම් ගන්න බැරුව. එත් එයා විනීතව ඔලුව නැවලා ක්වාන්ට හෙලෝ කියලා යන්න යනවා. එත් ඉන්න අර උදේ දගකාරයා නෙවේ ඒ හෙන ලස්සන පොළවට රිදෙයි වගෙ ගමනක් ඒ....

Welcome 💔Who are You ❤️‍🩹 (Completed)Where stories live. Discover now