06. සුපුරුදු පරිදි

276 78 5
                                    

"ආව්......." මම හිටියෙ සීතල බිමක. ඇයි මේ හෙල්ලෙන්නවත් බැරි මගෙ අත් බැදලා. අනේ කට්ට කළුවරයි...
"අයියෙ යන්න එපා..." චාන්ට ඇහුනේ කෑ ගහලා අඩන පිරිමි ලමයෙක්ව... ඒත් රූපේ පැහැදිලි නෑ.

"චාන්... පුතේ ඇහැරෙන්නකො. අනේ අඩන්න එපා... පුතේ..." මම නැගිටිද්දි දන්නෙ මම හිටියෙ හීනෙක කියලා. අනෙ මගෙ ඇස් වල කදුලු.
"මගෙ රත්තරන් අඩන්න එපා. කෝ එන්න..."
"අම්මා... මම ආයෙත් හීන දකිනවා. මාව ඇමෙරිකා යවන්න..." අම්මට තුරුල් වෙලා අඩන පොඩි එකෙක් වගෙ චාන් කියෝ ගෙන යනවා.
"මගෙ පණ අඩන්න එපා මහත්තයෝ... අපිට හැමදාම ප්‍රශ්න වලින් පැනලා යන්න බෑනේ..."
"අම්මා...."
"ඔයා දන්නවා මේ හරි කාලෙ ඇත්තට මූණ දෙන්න..." චාන් ගෙ කදුලු පිහින ගමන් අම්මා ඔළුව අත ගෑවා.

'අම්මා කියන හැමදේම මට දැනෙන්නෙ මගෙ ජිවිතෙ ආපස්සට ගිහින් වුන දේවල් අම්මා දන්නවා වගෙ මට අමතක මගෙ මතක හෙවණැල්ල...'

*************
"ආයි මගෙ ඔලුව..." මම හිටියෙ හොස්පිටල් එකක. මගෙ ලගම ඔලුව තියන් ඉන්න චෙන්ග් දැක්කාම හිතෙනවා මොකක් හරි වෙලා.
"බෝ..." චෙන්ග් අඩන්න වගෙ ඇස් හදාගෙන
"බලන්න හොදටම තුවාල කරන්. අනේ ඇයි මෙහෙම දුක් විදින්නෙ කියන්නකෝ.. බෝ මට ඔයා මෙම ඉන්නවා බලන්න බෑ... මම ඔය ලියෝට වෛර කරනවා." චෙන්ග් අඩ අඩ කියොනවා

"කෝ මගෙ බොඩිගාර්ට් මෙහෙම වැටෙද්දී කවුද මේ දුප්පතාව බලාගන්නෙ." වෙනදා වගෙම මම වේදනාව හැංගුවා. මගෙ වටේ ඉන්න මිනිස්සු මෙහෙම දුක් විදිනකොට මට හිනාවෙන්න බෑ.

"ආසාවෙන් ඉන්නෙ දවසක ඔයාගෙ හිනාව බලන්න ඕනෙ."
"අපි හිනාවෙමු නැත්තම් මම මේ ජිවිතෙන් අයින් වෙන්නම්"
"උඹ මගෙන් කුණු හර්ප අහන්න එපා." කදුලු ටික අමතක කරලා මගෙ අතට පාරක් ගැහුවා.
"හරි හරි..." දිගටම මෙහෙම වෙන්නෙ ඇයි ඉස්සර ගොඩාක් මාසෙකට වගෙ ආව පෞරුෂ දැන් එක දිගට එනවා. අනේ මන්දා මට මේ මොකක්ද වෙන්නෙ කියලා.

*************

දැන් සතියක් වෙනවා මම තාම හොස්පිටල් එකෙ. ඒත් කිසිම පෞරුෂයක් පෙන්නුවේ නෑ. ඩොක්ට ලූප් කියන්නෙ මගෙ සංවේදනයට පටහැනි දෙයක් ලග ඉන්න නිසා එම නිතරම පෞරුෂ වෙනස් වෙනවා කියලා. එත් දෙයියනෙ එම දෙයක් නම් මම ඈත් වෙනවා මිසක තවත් ලං වෙනවද? බයික් එකෙන් වැටිලාද කවුරු හරි ගහලද කියලා කියන්න බැරි තරම් මන් දන් නෑ ලීයෝ මොකක්ද කරේ කියලා. ඒත් දවසක ලියෝ මාව මරවනවා.

Welcome 💔Who are You ❤️‍🩹 (Completed)حيث تعيش القصص. اكتشف الآن