18. හැගීමක් නැති වචන

219 59 13
                                    

"ශික් මේ මගුල මට පැටලිලා දැන්. එදා මාව මෙහෙට එක්ක ආවේ ඉල් බක්. එත් මේ ගේ ලීයෝ ගෙ. අන්තිමේට මගෙ ඇගෙ හිටියෙ වැන්ජි. තව මොකක්ද මට පැටලිලා. ඔයාලට මුකුත් තේරෙනවද?" යී බෝ එක හුස්මට කියවන ගමන් ක්වාන්චෙන්ග් ගෙන් ඇහුවා.

"ම...ම.... මම නම් දන්නෙ නෑ..." චෙන්ග් ගොළුයි.
"ඉන්න ඔයාට DID තියෙනවා. ඔයාට අමතක වුන කාලෙ සිද්ධියෙ චරිත තමා ඔයාගෙ දැන් ඉන්න පෞරුෂ. එත් අර මගෙ එකාට ලයින් දාන කොන්ග් ගැන නම් මම දන්නෙ නෑ..." ක්වාන් එක දිගට කියවන් ගියා.
"ටිකක් ඉන්න. ලීයෝ කියන්නෙ දැන් පොතේ හැටියට යී බෝ ව කිප් නැප් කරපු වගෙම ශියන්ව මරපු මිනිහා. ඒ මිනිහාට ආදරේ කරේ ඉල් බක්. එතකොට පෞරුෂ 3ක් හරි... එතකොට කවුද වැන්ජි..."

"වැන්ජි කියන්නෙ ශියන් එක්ක මම සෙල්ලම් කරද්දී තනිකමට යී බෝ හදාගත්ත පෞරුෂයක්..." තුන් දෙනාම එක පාරට පිටි පස්ස බැලුවේ මොකක්ද මේ වුනේ කියලා.

"ඕහ් ශිට් මට කියන්න අමතක වුනා. මාත් එක්ක තමයි චාන් ආවේ එයා නිදන් හිටිය නිසා හදිස්සියට මම ආවා." ක්වාන් චෙන්ග් ගෙ රළු බැල්ම දිහා බලලා කිව්වා.

"චෙන්ග් මාව එක්ක යන්න. යී බෝ ව අරන් ගිය හැම තැනටම..."
"චාන් එක භයානකයි. මට ඉඩ දෙන්න බෑ..."
"ඔයා තාමත් කැමතිද යී බෝ මම ප්‍රශ්නෙන් පැනලා යනවට."
"චාන් මේ අහන්න..."
"මට අහන්න දෙයක් නෑ. මේක ඇති මට මහන්සි... පිලිස් චෙන්ග්..." චෙන්ග් ට මොකක්ද කරන්න ඕනෙ කියලා හිතාගන්න බැරි වුනා
"ඔයාගෙ යාලුවාගෙ ඔය ලෙඩේට බෙහෙත මන් ගාව තියෙන්නෙ.... ඔයාට බැරිද මට උදව් කරන්න..." චාන් කිව්වාම චෙන්ග් අසරණ වුනා... චෙන්ග් චාන්ව එක්ක යන්න හැදුවේ..

"නවතින්න...." යී බෝ ගෙ හඩ ගොරෝසු වුනා.
"යී බෝ... මම කිව්වා." චාන්ගෙ මැණික් කටුවෙන් තදින් අල්ල ගත්ත යී බෝ එයාව එළියට ඇදන් ගියා.
"වැන්ජි... ඇයි ඔච්චර බය...." ඒ චා.

"මේ මොකක්ද මෙතන වෙන්නෙ..." ක්වාන් වගෙම චෙන්ග් ට කියවුනා.

"චාන් අහන්න අතීතෙ ගෙවිලා ආයෙ ගියා කියලා වැඩක් නෑ."
"මේ අහන්න ඔයා දන්නවා ‍යී බෝ ට ඔය ලෙඩේ ආවේ කොහොමද කියලා. ඇයි ඔයා බය වෙන්නෙ..."
"නෑ මම නෙවෙයි. ඔයාට දුක හිතෙනවට මම කැමති නෑ..."
"අත්තරින්න. මට ආදරේ නම් මගෙ තීරණේට ඉඩ දෙන්න."
"මට බෑ.." චාන්ව බලෙන්ම ඇදන් ගිය වැන්ජි එයාව කාර් එකට දා ගත්තා.

Welcome 💔Who are You ❤️‍🩹 (Completed)Where stories live. Discover now