12. හේතු ඕනේ

233 67 7
                                    

මම චාන්ගෙ අතින් වැටුන ඒ ෆොටෝ එක ගත්තේ චාන් දකින්නෙ නැති වෙන්න. මම  පෞරුෂයක් වෙලා කොහෙ හරි යන හැමපාරම ඒ යන්න හේතුවක් ඇතුව විශ්වාසයි වැන්ජි මෙහෙම මේ වගෙ තැන් වලට මාව එක්ක එන්නෙ නෑ කියලා. මට දැන් කෙනෙක් ඉන්නවා ආරක්ෂා කරන්න. මම මගෙ ලෙඩේට බය වුනොත් මට එයාට ආදරේ දෙන්න ආරක්ෂාව දෙන්න බැරි වෙනවා. මම වැන්ග් යී බෝ මාව ලේසියෙන් පරදින කෙනෙක් නෙවේ...

අපි හතර දෙනා කාලා නිදා ගන්න  කියලා ගියා. චාන්ව මාත් එක්ක තියාගන්න මට ඕනෙ වුනේ එත් දැන් චෙන්ග් අසනීපෙන් නිසා එයාව දාලා චාන් ලගට යන්නත් බෑනේ.

"යී බෝ මම අර කාමරේට යනවා. ඔයාට එකෙ ඉඩ මදි ඔයා චාන් එක්ක ඉන්න. මට තනියම ඉන්න පුලුවන්." චෙන්ග් නිකන් මගෙ හිත කියවනවදත් මන්දා....

එහෙම කියලා චෙන්ග් පොඩි කාමරයක් ඇතුලට ගියා. ඒ කරලා දොර වහගත්තා.

"එතකොට මම කොහෙද?" ක්වාන් ට දැන් මොකද කරන්නෙ.
"මෙයා මාත් එක්ක් ඉදි..." වහපු දෝර ඇරලා විනාඩියක් යන්න කලින් චෙන්ග් ක්වාන්ව කාමරේට ඇදලා දොරත් ආයෙ වහාගත්තා.

"අපි යමුද වයිෆි එනම්..." මම චාන්ගෙ අත කොනිත්තන ගමන් ඇහුවා.
"ඔයාට එළියට වෙලා ඉන්න ආසද?"
"නෑ නෑ මහත්තයෝ අපි යමුද?"
"ම්ම්ම්ම්ම් හරි.... එත් වැඩි මුකුත් නෑ..."
"අපි යන්නෙ නිදා ගන්න මුකුත් කරන්න නෙවේ චාන්... ශීයා ඔයාගෙ කැත හිත."

මම චාන්ව ඉණෙන් අල්ලන් එක්ක ගියා. නිකන් හනිමුන් එකකට යන කපල් එකක් වගෙ.

**********

3වන පාර්ශවය pov.

හා හා වැඩිය බලාපොරොත්තු වෙන්න එපා චාන් යී බෝ එක්ක සුවසෙ නිදා ගත්තා තුරුල් වෙලා. එත් අපේ තනිකඩ චෙන්ග් වගෙම වැඩ්ඩා ක්වාන් නම් ම්ම්ම් ඉන්න අපි එතනට යමු

"මට සාලෙ ඉන්න පුලුවන්."ක්වාන් කිව්වා
"යන්න..."
"හ්ම්ම්ම් යීබෝ ව තියා නොගත්තේ ඇයි."
"පෙනවද ඒ කාමරේ දූවිලි අඩුයි. ඒත් මේක අවුරුදු ගානකින් කවුරුත් ඉදලා නෑ වගෙ දුවිල්ල. මම බයයි එයාට හෙම්බිස්සාව හැදෙනවට"
"ඕක යාලු කමක් විතරද චෙන්ග්.." ක්වාන් ඇහුවේ හැගීම් ගොඩාක් පිරුනු බිදුනු හඩකින්.
"ඔව් අනේ හරියට අපි දෙන්නා වගෙ.. අපි දෙන්නා නිකන් යාලුවෝනෙ බෝ මගෙ හොදම යාලුවා..."
"නිකන් යාලුකමක්ද අපේ..."
"ඇයි ඔයා කිව්වේ..."
"චෙන්ග් තමුසේ ඌට කැමතිද?" චෙන්ග් අමුතු වුනා...
"ඇයි මට කරන්න හොද නැද්ද?"
"හුම්....." දිගු නිහඩතාවයකට පස්සේ ක්වාන් චෙන්ග් නිදා ගත්තා...

Welcome 💔Who are You ❤️‍🩹 (Completed)Where stories live. Discover now