මම දැන් මාර සතුටකින් ඉන්නෙ. වෙනදා යී බෝ හිටියා. හැගීමක් නැතුව. ඒත් අද වෙනස් මගෙ හිතෙම තිබ්බෙ සතුට. ඔයාලා හිතනවා ඇති පළමු බැල්මෙන්ම ඇති වෙච්ච ආදරයක්ද කියලා. අනේ මන්දා මටත් තේරෙන් නෑ ඒත් චාන් කියන්නෙ මගෙ හිතට අවුරුදු ගානක හුරුපුරුදු කෙනෙක් වගෙ. අද නැත්තම් තව ටිකකින් මගෙ ඇග වෙන පෞරුෂයක් ගනි. ඇත්තමයි එහෙම වුනොත් මම කැමති ඒ වැන්ජි හරි කොන්ග් හරි වෙනවට.ඔව් මම කැමති චාන් එක්ක ඉන්න ඕනෙම පෞරුෂයක් එනවට.
*************
චාන් pov.
මට කේන්ති යනවා ඇයි අනේ එයාට මම ආදරේ කරනවා ඔව් ක්වාන් හරි. මම මටම මේක හංගන්න ඕනෙ නෑ...
"පුතා මම ඇතුලට එන්නද?" අම්මා මට කතා කරන සද්දේ මට එනවා.
"එන්න අම්මා..." අම්මා ඇවිත් මන් ලගින්ම ඉද ගත්තා.
"යී බෝ එක්ක දැන් කොහොමද ඔයාලා යාලුවෝ නේද?"
"ඔයාලා හරි වෙනස් ගර්ල් කෙනෙක් එක්ක ඩේට් එකකට යවන්න ඕනෙ මාව ඇයි අනේ මේ කොල්ලෙක් එක්ක යවන්නෙ."
"ඉතින් ඔයා එකට කැමති නැද්ද?"
"අම්මා..."
"හරි හරි දරුවෝ අපිට ඕනේ ඔයාලා අපි දෙගොල්ලො වගෙම එකට ඉන්නවට පරණ ඒවා අයින් කරලා..."
"මොන පරණ ඒවාද අම්මා..."
"න්... නෑ මම කිව්වේ ඔයාලා දෙන්නා හොදට හැසිරෙන්නෙ නෑනේ...එකයි."ටිකක් වෙලා ඉදලා අම්මා යන්න ගියා. මට අම්මාව පෙහෙළිකාවක්. ඇයි දෙයියනෙ මෙයාලා මෙහෙම හැසිරෙන්නෙ.
"පුතා.... පුතා...." යකෝ මම කුණු කරවල කූරියෙක් නෙවෙයි මෙහෙම හොල්ලන්න.
"අනේ ඇයි අම්මා..."
"යී බෝ පුතා ඇවිත්. ඔයා එක්ක කැම්පස් යන්න."
"එයාට ටිකක් ඉන්න කියන්න..."මම එහෙම කියලා අනික් පැත්ත හැරෙනවත් එක්කම නම මීටර් වෙලා නැගිට්ටුනා...
"මොකක් කවුරු කාව එක්ක යන්නද?" ඇස් පිහිදලා බලන ගමන් යී බෝ ඉන්නවා මගෙ ඉස්සරහා පොඩි එකෙක් වගෙ හිනා වෙවී අම්මා තේ එකක් හදන්න යනවා කියලා මේ මනුස්සයාව මෙතන තියලා යන්න ගියා.
"කෝ ඉතින් තාම නිදිද?" මගෙ ඇදෙන් ඉද ගන්න ගමන් එයා අහනවා
"ඔයාට වැඩක් නෑනේ..."
"ම්ම්ම්ම් මේ ලූක් එක හෙන රොමැන්ටික් නේ..."
"මොකක්ද?"
"කිරි සුදු කකුල් පෙන ශෝටයි උඩින් බාගයක්ම පෙන ටී එකටයි හෙන සෙක්සි ලුක් එකක්... ආදරේ හිතෙනවා." යී බෝ එහෙම කියද්දී මට මම නිදාගත්ත විදිය මතක් වුනේ..
YOU ARE READING
Welcome 💔Who are You ❤️🩹 (Completed)
Romanceනොදත් දෑ සමගින් මේ ගමන් මග වෙහෙසයි මට නුඹත් මමත් හමු වූ විට මගෙ අදුරු ලොවේ ඇති හූගාක් මතක අවදි විය වෛරයක් පමණක් නොවේ මා සිතේ නුඹ ගැන තිබ්බේ ඉතින් මා ලගට විත් සුවපත් කරන්න මා ආදරේන්..... ලමයි bl එකක්... කැමති නැති අය බලන්න එපා.... මේ yizhan ff එකක්...