මම දැක්කෙ සීතලෙ ගුලි වෙලා හිටිය යී බෝව. අඩියක් ඉස්සරහට වත් තියන්න බැරුව මම හිටියෙ ගල් වෙලා ක්වාන් මට තට්ටු කරනකල්ම මම එහෙමම හිටියා.
"චාන් ගිහින් යී බෝ නැගිට්ටවන්න." ඒත් මට යන්න වුනේ නෑ කකුලත් කොට ගගහා චෙන්ග් යනවා එයා පරිස්සමින් යී බෝ ගෙ ඔලුව එයාගෙ උකුලට ගත්තා. ඇස් වලින් වැටෙන්න ඔන්න මෙන්න බොද වෙලා තිබ්බ කදුලු දිලිසෙනවා. ඒ බැදීම හරි වෙනස් බවක් පෙනුනා.
"චාන් බලන්නකො මගෙ බෝට සිහිය නෑනේ... "
"චෙන්ග් කලබල නොවි ඉන්නකො..." ක්වාන් චෙන්ග් ගෙ අතින් ඇද්දේ මට දෙන්න කියන්න වගෙ. ඒත් ඒ අත චෙන්ග් ගසලා දැන්මා... චෙන්ග් ඉක්මනින්ම මිස්ට වැන්ග්ට කතා කරා."අන්කල්... අනේ යීබෝ ඉන්නවා චොන්ග්කින්ග් වල. අන්කල් කලබල වෙන්න එපා. අපි පරිස්සමින් එනවා. නැන්දාටත් කියන්න අපිට ප්රශ්නයක් නෑ.. හරි අන්කල් මම එයාව බලාගන්නවා..."
චෙන්ග් එහෙම කියලා වටපිට බැලුවා. හදිස්සියෙම යී බෝ ගෙ බෙල්ල සුලගිල්ලෙන්න පිරිමැද්දා.... හිතාගන්න බෑ චෙන්ග් මොකක්ද මේ නටන නාඩගම කියලා මම යී බෝ ලගම වාඩි වුන විදියටම ඉන්නවා. ඒත් මට අත තියන්නත් චෙන්ග් ගෙන් අවසර ඕනෙ වගෙ. මට මට දරාගන්න බෑ...
"ම්ම්.. හ්ම්ම්ම්.... ආ.... ආ.... චෙන්ග්...චෙන්ග්..." ඇස් දෙක ඇරලාවත් නැති බෝ මගෙ නම වෙනුවට කිව්වේ චෙන්ග් ගෙ නම... මට මොකක්ද වෙන්නෙ. ඇයි දෙයියනේ මට රිදෙන්නෙ...
"බෝ... මම මෙතන... ඇහැරෙන්න... අපි යමු..." චෙන්ග් ඉකිය නවත්තන්න උත්සහ කරත් වැඩක් වුනේ නෑ... හිමින් හිමින් මගෙ බෝ ඇස් ඇරියා. එයා ඇඩුවා එයා හිමින් නැගිටලා චෙන්ග්ව බදාගත්තා. එහෙම කරලා හොදටම ඇඩද්දී චෙන්හ් ඔලුව අත ගානවා. 'මම නෙවේද බෝ ඔතන ඉන්න ඕනේ......'
මට කෑ ගහලා අඩන්න හිතෙනවා බනින්න හිතෙනවා එත් මට බෑ...
"චෙන්ග් මම බය වුණා. මාව තනියම දාලා යන්න එපා චෙන්ග් ආයේ... මට බයයි..." යිබෝ කියනවා.
"බෝ බෝ මම මෙතනමයි. මම ඔයා ගාව ඉන්නවා..."
"චෙන්ග්...." බෝ විනාඩි ගානක් එහෙම්මම හිටියා. අන්තිමේටයි එයා මාව දැක්කෙ."චා... චාන් ඔයත් මෙතන..."
"වැන්ජි චාන් ට ඔක්කොම කියලා බෝ..." චෙන්ග් කිව්වේ මම වෙනුවටයි.
"කමක් නෑ එහෙම කිව්ව එක හොදයි." තාමත් ගොරහැඩි වෙලා තියෙන හඩකින් එයා කියනවා.
"මොකක් ලේ මේ කොහෙන්ද... " චෙන්ග් ගෙ කකුලෙ තිබ්බ තුවාලෙ යී බෝ ගෙ ඔලුවේ බරට ටිකක් පෑරිලා ලේ ගලන ගමන් තිබ්බේ...
"ආහ් ඒක ලොකු දෙයක් නෙවේ." චෙන්ග් කිව්වා.
"ආයෙත් මම ඔයාට රිද්දුවා චෙන්ග්. මම නිසා ඔයා හැමදාම රිද්ද ගන්නවා."
YOU ARE READING
Welcome 💔Who are You ❤️🩹 (Completed)
Romanceනොදත් දෑ සමගින් මේ ගමන් මග වෙහෙසයි මට නුඹත් මමත් හමු වූ විට මගෙ අදුරු ලොවේ ඇති හූගාක් මතක අවදි විය වෛරයක් පමණක් නොවේ මා සිතේ නුඹ ගැන තිබ්බේ ඉතින් මා ලගට විත් සුවපත් කරන්න මා ආදරේන්..... ලමයි bl එකක්... කැමති නැති අය බලන්න එපා.... මේ yizhan ff එකක්...