15. හොදටම පැටලිලා...

230 64 3
                                    

"චාන්..." මාව කුණු මාළු කැල්ලක් වගෙ වනනකොට ගැස්සිලා ඇහැරුණේ අම්මා බෝ ව ඇදේ දැක්කොත් ගෙදරින් බත් කලාත් ඉවර නිසා... ඇහැරිලා වට පිට බැලුවත් බෝ කොහෙවත් නෑ.

"මොකද ලමයෝ බැල්කනි එකෙ දොර ඇරන් නිදා ගන්නෙ..."
"හැ... ම්..ම්...මම..."
"අසනීප වෙනවකො බලන්න ac එකත් දා ගෙන මොනවා වෙලාද මේ දරුවට...කැම්පස් යන්නෙ නැද්ද???"

බැන බැනම අම්මා යද්දී මතක් වුනෙ මට ඊයෙ පාන්දර 4ත් පහු වෙලා නිදා ගත්ත මම තාම නිදිමරගාතෙන් හිටියෙ. එත් බාතෲම් එකෙ ගිහින් බැලුවත් යී බෝ නෑ... අන්තිමේට නොකියම ගියාට බනින්න හිතන් කෝල් කරත් අන්සවර් කරේ නෑ... ඊයෙ දැක්ක දේ තාම හිරිවැටෙන්න වගෙ ආවාට දෙයියනෙ මට නිදිමතයි. මම නිදාගත්තා....

************

මම ඇහැරෙද්දී දවල් වෙලා. බෝ ට ආයෙ කෝල් කරද්දී අන්සවර් කරා.

"කොහෙද අනේ ගියෙ..." මම ඇහුවේ කතා කරන්න වෙන මොකටවත් ඉඩ නොදි...
"මොකටද අහන්නෙ..."
"ඒයි මම ඔයාගෙ කවුද කියලා අමතකද?"
"ඔයා මගෙ විතරයි. එක මගෙ ඒ යී බෝ වෙන්න බෑ..."
"ඉන්න ඔයා කවුද?"
"....."
"වැන්ජි...."
"ඔයා දැන් දන්නවා මම කවුද කියලා. ඔයා හිතනවද යී බෝ ඔයාව පරිස්සම් කරයි කියලා. නෑ එයාට බෑ. එයා ඔයා ගැන දැනගත්තොත් ඔයාට වෛර කරනවා... මේ අවුරුදු 14ටම මමයි ඔයාව හිතෙ තියන් හිටිය කෙනා."
"මේ විකාර නවත්තන්න. මගෙ යී බෝ ව තනි කරන්න...."
"ඔයාගෙ යී බෝ... චාන් එයා නෙවේ ඔයා වෙනුවෙන් හිටියෙ..."
"ඔයා හිතනවද ඔයා මේ කරන්නෙ හරි දේ කියලා..."
"ඔව් මමයි... මමයි හරි."
"වැන්ජි ඔයා මට හංගන්නෙ මොනවද?"
"දැන ගන්න ඕනෙද? එන්න... ඉතින් එන්න අපි සෙල්ලම් කරපු තැනට මම කිස් කරාම ඔයා දිව්ව තැනට එන්න..."

මම මුකුත්ම කියන්න කලින්ම ෆෝන් එක යී බෝ කට් කරා. සොරි ඒ වැන්ජි....

මම එදා ගියපු හුරුපුරුදු සෙල්ලම් පිට්ටනියට යද්දී යී බෝ මම කිව්වේ වැන්ජි වාඩි වෙලා ඉන්නවා. මම ගියා.

"ඉතින් ඔයා ආවා..." වැන්ජි සීතලෙන් ඇහුවා
"ඔව්..."
"ඉදගන්න..."
"මුලින් කියන්න..."
"ඔයා හිතනවද එක විනාඩි පහකින් ඉවර කරන්න පුලුවන් එකක් කියලා..."මම එයා ලගින්ම වාඩි වුනා...

Welcome 💔Who are You ❤️‍🩹 (Completed)Where stories live. Discover now