3 වන පෞරුෂය pov
හතර දෙනාම නැගිට්ටේ 10ත් පහු වෙලා ඒ තරම් මහන්සියෙන් හිටියෙ. කලින්ම නැගිට්ට චෙන්ග් ගේ වටේට ඇවිද්දා. හැමතැනම ගියා මුකුත්ම හම්බුනේ නෑ. පස්සෙ මොනවා කරන්නද කොල්ලා ක්වාන් නිදාගෙන ඉන්නවද බලන්න ඔලුව දාලා බලද්දී ක්වාන් නිදි. තිබ්බ පොඩි ජනෙල කවුලුව අරින්න යද්දී කොර ගගහා ගිය නිසා මොකක් හරි දෙයක පැටලිලා වැටෙන්න ගියා. එතන තිබ්බ කාපට් එක දූවිලිත් එක්ක පොඩ්ඩක් ඉස්සිලා තිබ්බෙ. කාපට් එක අයින් කරලා බැලුවා. එතන තිබ්බෙ ලීයෙන් හදපු දෝරක්.
'මේ දේ ගැන යී බෝ එක්ක කතා කරන්න බෑ. ඊයෙ ශියන්ට තරහා ගිය විදියට මට හිතෙන්නෙ මේවා දැන ගන්නවට පෞරුෂය කැමැත්තක් නෑ. ඒත් කොහොම හරි මම මගෙ යී බෝ ව හොද කර ගන්න ඕනෙම දෙයක් කරනවා."
චෙන්ග් දෝර ඇරලා යටට යන්න තිබ්බ පඩි පෙලෙන් යටටම ගියා. කට්ට කලුවරයි ටික වේලාවක් දූවිලි පිරිච්ච කාමරේකට චේන්ග් ඇතුල් වුනේ. ක්වාන්ගෙ ටෝච් එකෙ එළියෙන් කාමරේ ටිකක් එළිය වැටෙද්දී හැමතැනම තිබ්බෙ යකඩ දම්වැල්... නාස් පුඩු වෙව්ලලා යන අමාරු ගදක් තියෙද්දී බිම බැලුවාම දැක්කෙ දුඹුරු පාට දියරයක් හැලිලා වගෙ. ටිකක් වෙලා ඉන්නකොට සාමාන්‍ය බුද්ධිය චෙන්ග් ට කිව්වේ මේ තියෙන ලේ ගොඩ කාලෙකට කලින් වෙච්ච පැල්ලම්. වැඩි කාලයක් නැතත් චෙන්ග් ෆෝන් එක අරන් හැමතැනම ෆොටෝ ගත්තා. මහා ලොකු බයකින් චෙන්ග් ගෙ හිතම වියරු වැටෙද්දී අඩියක් හොල්ලන්න බැරි වුනා. ඊලගට දැක්ක දේ නිසා චෙන්ග් තවත් බය වුනා. ඒ බිත්ති වල ලියලා තිබ්බේ.
"I miss you honey.... I'm leo... I realy love you..." පිස්සුවෙන් වගෙ නම් ලියලා තියෙනවා. හැබැයි එක නමක් පැහැදිලි නෑ. මොකද ඒ නම ලියලා ලේ පිරුනු අත් වලින් එක පුරාම බලු ඇදලා. හාර්ට් ඇදලා. 'මේ නම තමා ලියෝ ආදරේ කරපු කෙනාගෙ නම... මම හරි නම්... බෝ කිව්වේ ඇත්තක්. ලීයෝ කියන්නෙ කවුරු වුනත් මෙතන හිර වුනේ ලියෝ...'
ඔක්කොම ෆොටෝ ගහගෙන ආයෙත් කාමරේට ආව චෙන්ග් දැක්කෙ ක්වාන් ඇදේ නෑ කියලා. කාපට් එකත් තිබ්බ විදියටම දාලා චෙන්ග් ඉස්සරහට ආවා.
"මම දන්නෙ නෑ. එයා රෑට රෑට යී බෝව හොයන් යන්නෙ මම දන්නෙ කොහොමද?" ක්වාන් කෑ ගහනවා.
"Don't worry මගෙ චෙන්ග් very strong motherboard එකක් තියෙන computer එකක් වගෙ..."
"මොන දෙමළද ඕයි ඔය කියවන්නෙ. චෙන්ග් නැති වෙලා.. කකුලත් තුවාල වෙලා ගානක් වත් නැතුව කියවනවා. මොන කුණුහර්පද?" ක්වාන් කෑ ගහනවා.
"හෙයි මෑන් මගෙ software එක edit කරපු html එක එයා වෙද්දී මට කොහොමද ගානක් නැති වෙන්නෙ."
"මට අමතක වුනා මෙයාට did තියෙනවා කියලා යී බෝ නම් චෙන්ග් ට නෙවේ නෙ කැමති. නේද චාන්..."
"නෑ ක්වාන් යී බෝ කැමතිත් චෙන්ග් ට. මට එක කිව්වා."
"මොකක්.."
"Omg my html... මාව බය කරා. මම හිතුවේ අලුතින් html එකක් හදන්න වෙයි කියලා." කොන්ග් ඇවිත් චෙන්ග් බදා ගත්තා. කවදාවත් නැතුව චෙන්ග් ගෙ බෙල්ලට කිස් එකක් දුන්නා. හිතුවේවත් නැති ඒවා වෙද්දී චෙන්ග් ක්වාන් දිහා බැලුවා. තව ටිකක් ඉදලා කොන්ග් අයින් වුනා.
YOU ARE READING
Welcome 💔Who are You ❤️🩹 (Completed)
Romanceනොදත් දෑ සමගින් මේ ගමන් මග වෙහෙසයි මට නුඹත් මමත් හමු වූ විට මගෙ අදුරු ලොවේ ඇති හූගාක් මතක අවදි විය වෛරයක් පමණක් නොවේ මා සිතේ නුඹ ගැන තිබ්බේ ඉතින් මා ලගට විත් සුවපත් කරන්න මා ආදරේන්..... ලමයි bl එකක්... කැමති නැති අය බලන්න එපා.... මේ yizhan ff එකක්...