14. ඉතින් ගොළුයි

234 62 5
                                    

ශියන් ආවට පස්සෙ අම්මා ලගට තුරුල් වෙලාම හිටියා. චෙන්ග් ඉන්නෙ නිකන් භූමිතෙල් ගහපු ගැරඩියෙක් වගෙ.

"චෙන්ග් පොඩ්ඩක් මෙහෙට එන්න." වැන්ග් මහත්තයා චෙන්ග්ව එහාට ඇද ගෙන ගියා

"ඔය  ෆොටෝ ටික මට සෙන්ඩ් කරන්න. ඒ වගෙම චෙන්ග් මට ලොකේශන් කියන්න. මම මගෙ දරුවගෙ මිනීමරුවාට හොද වැඩක් කරනවා."
"ඒත් අන්කල් දැන් අවුරුදු ගානක් ගෙවිලා."
"මම වැන්ග් චෙන්ග්. අනික එදා මට මේ තරම් බලයක් තිබ්බේ නෑ..."
"මම හිතන්නෙ නෑ අන්කල් යී බෝ මේක අවුස්සන්න කැමති ඇති කියලා. "
"ඇයි ඒ..."
"ශියන් කැමති නෑ ඒක අදිනවට. මට ඊයෙ හොදටම බැන්නා..."
"ඔයා කිව්ව විදියට වැඩේ කරන්න මම උපදෙස් ඉල්ලුවේ නෑ.." වැන්ග් කෑ ගහන ගමන් යන්න ගියා.

'යකෝ දැන් මම ඔක්කොගෙන්ම බැනුම් අහන්න ඕනෙද?'

ශියන් අම්මා එක්කම ඉන්නවා.

ඔය අතරේ ඩොක්ට ලූප් වැන්ග් ගෙදරට ආවේ යී බෝ ගෙ තත්වේ ගැන බලන්න.

"ලූප්....." මිස්ට වැන්ග් තම යාලුවා වැළද පිළිගත්තේය.

"මොකක්ද වැන්ග් වුනේ..." සිදු වූ සියල්ල දැන ගත් සියල්ල එක පෙළට චෙන්ග් කියන් ගිහින් ෆොටෝ ටිකත් පෙන්නුවා

"ලූප් මොකක්ද මේ ගැන කියන්නෙ..."
"මේකයි වැගා... DID සාමාන්‍යයෙන් කැලි කැඩුණු මතක අවුස්සන්න වගෙම ඒ තත්ව වලට මූණ දෙන්න බැරි වුන නිඩා එයාලා පෞරුෂය මවාගන්නවා. හැබැයි මම 01%ක් ඒ කියන්නෙ එක ලෙඩෙක් දැක්කා. ඒ පෞරුෂ ආවේ එයාට වධ දෙන මිනිස්සුන්ගෙ චරිත වලින්. අමතක වුන මතක වල හිටිය අයගෙන්. දැන් එකයි මම කියන්නෙ යී බෝ ගෙ අලුතින් ආව පෞරුෂය ආවේ යී බෝ එයාට බැරි දේ කරන්න මවපු නිසා. එ පෞරුෂය බෝ ට උදව් කරනවා මතක තියා ගන්න පුලුවන්.   එත් බලන්න අනික් පෞරුෂ එහෙම නෑ. ශියන්, වැන්ජි, ලීයෝ, ඉල්බක් ඒ 4රම ආවාට කිසිම දෙයක් මතක නෑ. මම කලින්ම කිව්වා එදා ඒ සිද්දියෙන් යී බෝ ගෙ හිතට ඕනේ වුනා සිද්දිය අමතක කරන්න. ඒත් එයා ඒක යටි හිතෙන් පරිස්සම් කරා."

"හැබැයි ඩොක්ට. ඊයෙ බෝ නැවතිලා හිටිය ගෙදර ෆොටෝ එකක් තිබිලා හම්බුනා. ඒකෙ හිටියෙ ලීයෝ ගෙ පෞරුෂය මම හිතන්නෙ මේ බලන්න... එයාගෙ නම ලියෝන්...."
"ලීයෝ එන හැම වේලාවකම යී බෝ ඉන්නෙ මරෙන්න ඕනේ තැනක. ඒ කියන්නෙ ඔය මිනිහා තමා එදා සිද්දිය හරියටම දන්නෙ..." ලූප් විස්තරේ විශ්ලේෂණය කරා.

Welcome 💔Who are You ❤️‍🩹 (Completed)Where stories live. Discover now