වැන්ජි එහෙම කිව්ව නිසා මිස්ට වැන්ග් හිතුවේ ශියන් එන්න ඉන්නවා කියලා. එයාලා ඉල්බක් ගැන කිසිම දෙයක් දැනගෙන හිටියෙ නෑ...
"මූං මට විහිලු කරන්නද මෙහෙට ගෙනාවේ. ශික්... පිස්සෝ රැලක් එක්ක මෙන්ටල් හොස්පිටල් එකෙ මම මොන මගුලක්ද මේ කරන්නෙ..."
"ඔයාට තාම බැරි වුනා මගෙ කලින් ලියෝ වෙන්න..." එක හරි සියුම් හඩක්. ඒ හඩ එතන හිටිය කවුරුත් කලින් අහලා තිබ්බේ නෑ...
"මොකක්ද??? ඉල් බක්... නෑ නෑ මේක පිස්සුවක්..." ලියෝ ඇස් ලොකු කරන් ඉන්නවා.
"ඔයා දන්නවද මට කියාගන්න බැරුව හිර වෙලා තිබ්බ දේවල්..."
"ත... ත... තමු... තමුන් කවුද?"
"මම ඉල් බක්... ඔයා වෙනුවෙන් හිටියට ඔයාට මරා ගන්න ඕනෙ වුන ඉල් බක්... අවුරුදු ගානක්ම ඔයාගෙ හිර කූඩුවේ ඉදන් ඔයා ගෙන ගෑනු දිහා පිරිමි දිහා විදව විදව බලපු ඉල් බක්..." චෙන්ග් ක්වාන් ඇරෙන්න අනික් ඔක්කොම බලන් හිටියෙ වුනේ මොකක්ද කියලා."නෑ නෑ... තමුන් එයා නෙවේ..."
"මම ඔයාට කිව්වා මට ඉන්නෙ ඔයා විතරයි කියලා. අනාථ නිවාසෙ ඉදලම අපි දෙන්නා එකට හිටියෙ. අපි අපේ ලෝකෙ ලස්සනට ගෙනිච්චා. ඔයා දන්නවා ලියෝ මට හිටියෙ ඔයා විතරයි කියලා. ඔයාගෙන් මට ඕනේ වුනේ ලස්සනට සමුගන්න. එත් ඇයි මට එහෙම කලේ අපි අපි ජිවිතේ ලස්සන කර ගන්න හදද්දී මම දන්නවා ඔයා අපි වෙනුවෙන් රේස් ගියා මැරෙන්න ඔට්ටු ඇල්ලුවා එවායෙන් සල්ලි ආවේ කියලා..."
"පොඩ්ඩක් ඉන්න ඔයා ඔයා කවුද කියන්න..." ලියෝ ට චෙන්ග් එයාගෙ දඹර ඇගිල්ල කටට තියලා පෙන්නුවේ සද්ද කරන්න එපා කියලා..."ඔයා දන්නවා මම ඔයා නිසා මගෙ හීන ඔක්කොම අහකට දැන්මා. අපි දෙන්නා ලස්සනට හිටියා ඔයා සල්ලි මිටි මිටි ගහන්න කලින්... එත් ඔයාට මාව සෙල්ලම් බඩුවක් වගෙ පෙනුනා. මාව අවුරුදු 3ක් ඔයා sex partner කරගෙන හිටියා කිසිම ආදරයක් නැතුව."
"ඒ ඔයාට වෙන ඌන් ඕනෙ වුන නිසා. ඔයාට ඕනෙ වුනේ මගෙන් පැනලා යන්න කොරියා වලට. වෙන ඌනුයි ඕනෙ වුනේ..." ලියෝ බිම බලාගෙන කිව්වා
"අපි දෙන්නම දුක් වින්දා එදා ඔයා මේ ලමයට කරපු දේ මම දැකලා දන්නවද මට ඔයා ගැන කලකිරුනා." චාන් ව පෙන්නලා ඉල් බක් කිව්වා."වැරදිද නැද්ද දන්නෙ නෑ. ඔව් මෙයාලට යන්න උදව් කරේ මම. මොකද ඔයා තිරිසනෙක් කියලා මම කලින් දැනන් හිටියා නම් මම මේක මෙහෙම වෙන්න දෙන්නෙ නෑ..."
"මාව තිරිසනෙක් කරේ ඔයා... ඔයා ජෙෆනි එක්ක හිටියා. එදා ඉදන් මට ඕනේ වුනේ ඔයාට රිද්දන්න විතරයි."
"මට ජෙෆ්නි එක්ක මුකුත් සම්බන්ධයක් තිබ්බේ නෑ... එයාට ඕනෙ වුනේ ඔයාව. එත් ඔයාට මාව විශ්වාස නැති වුනා..."
"හනී...." කදුලු පෙරාගෙන ඉන්න ලීයෝ දැක්කාම එතන හිටිය ඔක්කොම හිටියෙ ඉදිකට්ටක් වැටුනත් ඇහෙන තරම් නිෂ්ශබ්දව.
YOU ARE READING
Welcome 💔Who are You ❤️🩹 (Completed)
Romanceනොදත් දෑ සමගින් මේ ගමන් මග වෙහෙසයි මට නුඹත් මමත් හමු වූ විට මගෙ අදුරු ලොවේ ඇති හූගාක් මතක අවදි විය වෛරයක් පමණක් නොවේ මා සිතේ නුඹ ගැන තිබ්බේ ඉතින් මා ලගට විත් සුවපත් කරන්න මා ආදරේන්..... ලමයි bl එකක්... කැමති නැති අය බලන්න එපා.... මේ yizhan ff එකක්...