04. අමතකද???

319 84 3
                                    

"මගෙ ඇග හොදටම රිදෙනවා..." කෙදිරි ගාගෙන නැගිට්ට කෙනා දිහා බලන් හිටියෙ චෙන්... කොච්චර උදේ උනත් චෙන් යන්නෙ නෑ. එයා ඉන්නෙ යී බෝ ගෙම ගෙදර.ඇයි ඉතින් ටිකක් මිස් වුනෝත් මෑනුත් නෑ හොයන්නත් නෑනෙ....

"මේ කවුද ඒ පාර." චෙන් හිමින් කිව්වට එක හයියෙන් කියන්න බයයි වැන්ජි ඇවිත් මොන නාඩගමක් නටයිද කියන්න බෑනේ...
"මොකො බං... මූණත් බෙරි කරන්. යකෝ ඇග නිකන් කඩලා දාලා වගෙ..."
"අම්මෝහ් ඉතින් අන්තිමේට මේ උඹ..." චෙන් හිනාවෙන ගමන් යී බෝගෙ ඇදෙ කොනෙන් වාඩි වුනා.

ඉතින් මේ අපේ ප්‍රධාන චරිතේ වැන්ග් යී බෝ... බෙදුන නෙවේ ඇත්තම ඇත්ත යී බෝ...

"මොකො බය වෙලා..."
"අනේ මන්දා ඕයි මටත් විකාර වෙලා.. උඹ කියන්නෙ ඊයෙ උදෙන්ම ලීයෝ ආවා පස්සේ හෝන්තුව ඉල් බක්... අනේ ඉතින් ඒකත් ඉවර වෙලා වැන්ජි නිදා ගත්තේ ශියන්... මේ දැන් උඹ...." එක හුස්මට ඉස්කෝලේ ගිහින් ආව ලමයෙක් වුන දේවල් කියනවා වගෙ චෙන් කියාගෙන ගියා.

"ඒත් ඔක්කොම එකම දවසෙ සාමාන්‍යයෙන් එක වෙන්නෙ නෑනේ..." ඇගෙ පතේ අමාරුවට ඇග නවන ගමන් යී බෝ කිව්වා.
"අනේමන්දා ඉතින් අද ලූප් හම්බෙන්න යමු... නාගෙන වරෙන්..." චෙන් එහෙම කියලා නැගිටලා යන්න ගියා.

**************

ඉතින් මම යී බෝ... වැන්ග් යී බෝ... මට දැන් වයස අවුරුදු 21යි.. මට වත් පාලනේ කරගන්න බැරි දෙයක් මගෙ ඔලුව ඇතුලේ තියෙනවා. වෝශ් රූම් එකෙ කණ්ණාඩියෙන් මාව බලන් ඉද්දී මට දැනෙන්නෙ මෙතන ඉන්නෙත් මම නෙවේ වගෙ.

වැන්ග් යී බෝ (wang yi boo)

ඇගෙන් බේරෙන වතුර බිංදුව බිංදුව ගලන් යද්දී මම මගෙ දිහාම බැලුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඇගෙන් බේරෙන වතුර බිංදුව බිංදුව ගලන් යද්දී මම මගෙ දිහාම බැලුවා. කම්මුලත් පුපුරු ගහන්න රිදෙනවා. රතුම රතු වෙලා. මම කාගෙන් හරි ගුටි කාලා. ඒත් වැන්ජි රණ්ඩුවකට ගියා නම් මේ වගෙ පොඩි දේකින් බේරෙන්නෙ නෑ...

Welcome 💔Who are You ❤️‍🩹 (Completed)Where stories live. Discover now