07. අමුතු හැගීමක්

266 75 4
                                    

මම යී බෝගෙ පපුවට අත තියලා මගෙන් ඈත් කරා. හුරුපුරුදු විදියට මාව කිස් කරන එයා හිටියෙ ඇස් වහගෙන. පොඩි එකෙක් වගෙ අද මෙයා මෙහෙම මන් ලග හුරතල් වුනාට මට බෑ මෙයාට රැවටෙන්න. කෙල්ලෝ කිස් කරන එකත් දැන් කොල්ලො කිස් කරන එකයි මෙයාට අමුතු දෙයක් නෙවේ වෙන්න ඇති.

"ඇයි..." එයා මගෙ දිහා බලන් අහනවා
"මාව කිස් කරන්න දෙයක් වුනේ නෑනේ..."
"එත් ඔයා බයෙන් වෙව්ලුවා ඉතින් මට වෙන ඔප්ශන් එකක් තිබ්බා කියලා මම හිතන්නෙ නෑ..."
" Whatever එහෙම ඕනෙ නෑ..."
"මුලින් කියන්න ඇයි මාත් එක්ක මෙච්චර තරහා කියලා... ආ..." හුරතල් විදියට මෙයා මෙහෙම අහද්දී මට දුක හිතෙනවා ඒත් අනේ...
"ඇයි මම කියන්න ඕනෙ."
"මොකද මට ඕනෙ නිසා. මම ඔයාට වැරැද්දක් කරලා තියෙනවා නම් මට පුලුවන් නේද සමාව ගන්න."
"ඕනෙ නෑ..." මම මුරණ්ඩු විදියට කිව්වා.
"කෝ මේ බලන්න ඇත්තටම දැන ගන්න ඕනෙ මට..."
"හරි මුල්ම දවසෙ ඔයා මාව කිස් කරා පස්සෙ කියනවා දන්නෙ නෑලු. ඊට පස්සෙ ඔයා වෙන කෙල්ලෙක්ව කිස් කරනවා. දැන් ඔයා ආයෙත් කියයි ඒ ඔයා නෙවේ කියලා.." මම කියන් ගියා එක හුස්මට මේක මට හරි වධයක්... හිත කොච්චර පිච්චුනාද දන්නෙ මම.
"ඒ මම නෙවෙයි වෙන්න පුලුවන්." එයා එක හිමින් කියලා ආයෙ කතා කරා.
"සමාවෙන්න. හැබැයි ඔයාව කිස් කරපු එකෙ වැරැද්දක් ඇති කියලා මම හිතන් නෑ. මොකද ඔයා ගොඩාක් හිත ඇදිලා යනවා."
"මම කිව්වා මම ලස්සන නෑ."
"ඔයාව දැක්කාම සමහර කෙල්ලො පරාදයි. ඒ තරම් හුරතල්."
"ඒයි මේ මම ඔයාට වඩා වැඩිමල්. ඔහොමද කතා කරන්නෙ මට."

මම හිනා වුනා සති ගානක බරකින් මම නිදහස් වුනා වගෙ. එත් හරියටම නෙවේ අර කෙල්ල...
"මම හිතන්නෙ මම කැමැත්තෙන් නෙවේ ඒ කෙල්ලව කිස් කරන්න ඇත්තෙ."
"ඒ කිව්වේ..."
"සමහර දේවල් අපිට කන්ට්‍රෝල් කරන්න බෑනේ ගෙගෙ..." එයා මට එහෙම කියද්දී එයාගෙ පොඩි ඇස් දිලිසෙන්න ගත්තා. අනේ මට මෙයාව ඕනේ............

****************

යී බෝ pov.

ගෙදර එද්දී රෑ 10ත් පහු වෙලා චාන් එක්ක ගොඩාක් ලගින් ඉදලා ගෙදර ආවේ මම හරි අකමැත්තෙන් එයා වැඩිමල් වුනාට එයාව බලාගන්න වෙන්නෙත් මට. මේක වුන පළවෙනි පාර වෙනදට කට්ටිය කරේ මාව බලාගත්ත එකනෙ අද වෙනස් දේවල් ගොඩාක් වුනා.

Welcome 💔Who are You ❤️‍🩹 (Completed)Where stories live. Discover now