Chapter 03-ඉතිරි වූ පැරණි මිතුරන්

139 28 12
                                    

ඔහු අළු ගොඩක් බවට පත් වූ විට පවා එම කටහඬ කොතැනකදීවත් වැරදි ලෙස නොඇසෙනු ඇත. එදින ඔවුන් ගංගාව අසබඩ සිටියදී බයි වූචැන්ග් විසින් හදිසියේම හ'ලියැන් යී පිළිබඳව සඳහන් කිරීම ඔහුව චිත්තවේගීය ලෙස අවුළුවාලීමට සමත් වූයේ නැත. ගෙවී ගිය වර්ෂ තුළ අමතක කිරීම සඳහා ඔහු දැරූ උත්සාහයන් සමඟින් එම නාමය ඔහුගේ මතකයේ ගැඹුරුම කොටසේ තැන්පත් කොට තිබූ අතර එය හෑරීම කිසිසේත්ම කළ නොහැකි කාර්‍යයක් වනු ඇත. නමුත් දැන් ඔහුට එය පෙර පරිදිම මතකය. එම පුද්ගලයා සතුව තිබූ බොහෝ උපක්‍රම ඔහුට සිහිපත් විය. ඔහු ජින්ග් චීගේ නළලත ස්පර්ශ කරද්දී ඔහුගේ හිසකෙස් තම ඇඟිලි භාවිතාකර පසෙකට බෙදීම නොකර සිටීමට ඔහුට නොහැකිවූ අතර එම ක්‍රියාව ජින්ග් චී හට ඔහුගේ එවැනි පුරුදු සිහිපත් කරවීය.

ඒ මතකයන් ඔහුගේ අස්ථි තුළ ගැඹුරටම මුල් බැස ඇති බවක් දක්නට ලැබුනි. සමහර අවස්ථාවලදී ජින්ග් චී සිතුවේ, ඔහු හ' ලියැන් යී සමඟ කිසිදා නිම නොවන චක්‍රයක පැටලී නොසිටියේ නම් වසර හැටකට වැඩි කාලයක් ත්‍රිත්ව ජීවිත පර්වතය අසළ බලාසිටි සත්වන සාමිවරයා නම් අයෙක් මේ වන විට සිටීවිද යන්න පිළිබඳවය.

යමෙකුට අකුසල කර්මයක් ඵල දීම කෙසේද යත්, ඔබ නිවසින් පිටතට පැමිණෙන මොහොතේ පක්ෂීන්ගේ අසූචිවලින් සංග්‍රහයක් ලැබීමක් මෙන් වේ. එය මඟහරවා ගැනීමට ඔබට සැලසුම් සියයක් සූදානම් කරගත හැකිව තිබුණත් නමුත් ඉක්මනින් හෝ පසුව හෝ සෑම විටම පක්ෂියෙකු කොහේ හෝ සිට පැමිණ ඔබේ හිස මතට වර්චස් පිඬක් හෙළනු ලබන අතර අවතාරයක් හඹා එන්නාක් මෙන් අවාසනාව ඔබ පිටුපසින් පැමිණෙන්නේ යැයි එවිට ඔබට හැඟෙනු ඇත.

ජින්ග් චී අභ්‍යන්තරයෙන් සුසුම්ලමින් සිටියේය. පින්ග් අ'න් ඔහුව තිගස්සා අවදිකළ මොහොතේම ඔහුගේ ආශ්වාස ප්‍රශ්වාස කිරීමේ රටාව වෙනස් වී ඇතිබව ඔහු දැන සිටියේය. එබැවින් නින්දට වැටී සිටින්නාක්මෙන් මවා පෑමෙන් ඵලක් නොමැත. ඔහු දෑස් විවර කළේය. ඔහු ඉදිරියේ සිටියේ වයස අවුරුදු දහයක් පමණක් වූ නමුත් ඒ වන විටත් උදාර භාවයක් සහිත වූ තරුණයෙකි.

"මේ හ'ලියැන් යී... තවමත් කුඩා වැඩියි" ජින්ග් චී සිතුවේය. ඔහු අවදියෙන් සිටිනබව දුටු තරුණයාගේ කෝපය මැකීගියේය. ඔහු විගසින් ඔහු දෙසට පහත් වී මෘදු හඬින්,
"ඔබ හොඳින්ද? ඔබට කොතැනක හෝ අසනීපයක් දැනෙනවාද?" යනුවෙන් විමසුවේය. මෙම මනුෂ්‍ය ජීවිත කාලය තුළදී, ඔහු වරක් උමතුවෙන් ආලය කළ සහ දැඩි ලෙස රිදුම් ලැබූ පුද්ගලයා හට මුහුණ දෙන කළ ඔහුට හැඟීම් සමුදායක ප්‍රහාරයක් අත් විඳීමට සිදුවීම ස්වභාවික සංසිද්ධියකි. නමුත් ශත වර්ෂ ගණනාවක් ගතවී තිබිණි. නමුත් ඒ මොහොතේ ඔහුව දුටු විට ජින්ග් චී හට හැඟුණේ ගැඹුරු හැඟීම් මද ප්‍රමාණයකි. ඔහු සිතුවේ, මේ හ'ලියැන් යී? ඇයි... ඇයි මට ඔහු පිළිබඳව මෙතරම් නුහුරු බවක් දැනෙන්නේ? ඔහුගේ ගොළු භාවය උණ නිසා ඇතිවූවක් යැයි හ'ලියැන් යී සිතූ බැවින් ඔහු නැවත පරීක්ෂා කිරීම සඳහා ඔහුගේ නළල මත හස්තයක් තැබුවේය. ඉන්පසු ඔහු තම නළල රැලි කරගෙන සේවකයන් දෙසට හැරුණේය.

සත්වන සාමිවරයා (Sinhala Translation)Where stories live. Discover now