Book 2 - දෛවය ගැන නොදත් පුෂ්ප බොහෝ මනරම් ය... - Chapter 19

39 11 8
                                    

Chapter 19 – ගිරි වැසි පතනයට භය උපද්දන්නේය. 

වූ ෂි හට පින්ග් අ'න් විසින් ආරාධනා කරන ලද විට, ඔහුට අහම්බෙන් කාන්තාවක් ගායනා කරන ශබ්දයක් සහ පිටතට පාවී එන ගුචිනයක අත්හිටුවන ලද ශබ්දයක් ශ්‍රවණය විය. ඔහුගේ පථයෙහි නැවතී අසා සිටි ඔහුට මේ ගායනා කරනු ලබන්නේ දිනක් පුරසඳ ගංගාවේ ගායනා කළ චන්ද්‍ර කන්‍යාවිය බව පැවසිය හැකි විය. සත්‍යවශයෙන්ම, ඔහුගේ මුළු මහත් ජීවිතකාලය පුරාවටම, මෙතරම් මනහර අයුරින් ගායනා කළ හැකි වූ දෙවන කාන්තාවක් පිළිබඳව ඔහු අසා තිබුණේ නැත.

අවධානයෙන් යුතුව ඔහු, සූ චින්ග්ලුවාන්ගේ ගායනයට සමීපව සවන් දුන්නේය. "ඉහළ මකර වාසස්ථාන ගුවනේ ගංගාවට එක්වන්නේය. ජැස්පර් අතු සහිත, ජේඩ් වෘක්ෂ මීදුම සහිත තෘණලෙස වර්ධනය වන්නේය, කොපමණ--"

ඔහු හිස එසවූ විගස, ජින්ග් චී ඔහුව ඇදගනිමින්, දිදුලමින් ඔහුව පෞද්ගලිකව පිළිගනු ලැබුවේය. "ඔබේ සවන් පිනවීම සඳහා දුර්ලභ ආගන්තුකයෙක් මෙහි පැමිණ ඇත්තේ. ඉක්මන් කරන්න, පැමිණෙන්න, අප එකට අසුන්ගමු"

මුගටියා ඔහුගේ උඩු වස්ත්‍රයෙන් ඉවතට පැන, වූ ෂි අසාමාන්‍ය අයුරින් සමීපව සිටිනු දැකීමෙන් පසු, ඌ වූ ෂිගේ දෑත් මතට පැනීම සඳහා ඌට නිතරම උසස් ආහාරපාන පිළිගන්වමින් සිටි තැනැත්තාව අත් හැරියේය. "වංචාකාරී පුංචි මෘගයා" ජින්ග් චී සතුටු සිතින් බැණ වදිමින් ඌට යාමට ඉඩ හැරියේය.

"ඒ චන්ද්‍ර කන්‍යාවියද?" වූ ෂි විමසුවේය. "කුමකටද ඔබ මට කතාකළේ?"

"ආහ්, ඒ කියන්නේ ඔබ අසා තිබෙනවානේ" ජින්ග් චී ඔහුට ඇසක් ගැසුවේ දෙවන පැනය තමාට නොඇසුනාක් මෙන් ය. "කිමද, මගේ තාරුණ්‍යය වැඩීම ආරම්භ වෙලා. ඔබ දැනීම සහ විවේකය යන ද්විත්වයෙන්ම ඒ දෙස බලා සිටීමට ආරම්භ කර තිබෙන්නේ, නමුත් ඔබට තවමත් ඒ පිළිබඳව අතපසු කිරීමට හැකිද?"

වූ ෂි හට ඔහු අදහස් කළේ කුමක්දැයි විශ්වාස නොමැත, නමුත් ඔහුගේ මුහුණේ වූ අසභ්‍ය ඉරියවු දෙස බැලීමෙන්, ඒවා යහපත් නොවන බව ඔහු දැන සිටියේය. එබැවින් ඔහු කෙලින්ම ඒවා නොසලකා හැරියේය. "ඇය ගායනා කරන්නේ කුමක්ද?"

සත්වන සාමිවරයා (Sinhala Translation)Where stories live. Discover now