Chapter 07 - සජීවී දර්ශනයක්

93 19 5
                                    

වූ ෂිගේ නිය තම අත්ල තුළට කිඳා බසින තෙක් ඔහු තදින් අත් මිට මොළවාගෙන සිටියේය. උඩඟු හා දුරස්ථ මිනිසා එක් හස්තයකින් ඔහුගේ නිකට ග්‍රහණය කරගෙන සිනහවක් පෑවේ ඔහුට විස්තර කළ නොහැකි අන්දමේ අපහසුතාවයක් ඇති කරමිනි. ඔහුට සිතුණේ, එම මිනිසා තමා දෙස බලා සිටින්නේ පූස් පැටවුන් හා බලු පැටවුන් දෙස විනෝදයෙන් බලන ආකාරයේ උඩඟු පුද්ගලයෙක් ලෙස බවය.

ප්‍රධාන ශාලාවේ වූ උස් සිවිලිම කුඩා අහසක් මෙන් පෙනුනි. විශාල කුළුන මත ජීවමාන ආකාරයෙන් සිටි මකරා අහස හරහා සර්පිලාකාරව අධිරාජ්‍ය මාලිගයට කෙලින්ම ඇදී ගියේය. සියල්ලන්ගේම නෙත් ඔහු දෙසට යොමු විය. වූ ෂි සිතුවේ ඔහු සෑම විටම සන්සුන්ව සිටි බවත්, ඔහු ශ්‍රේෂ්ඨ ඉන්ද්‍රජාලකයාගෙන් බොහෝ දෑ ඉගෙනගත් බවත්, නිවැරදි දේ සහ වැරදි දේ පිළිබඳව දැන සිටි බවත්, නමුත් ඔහුට කිසිවිටෙකවත් තමාව පාලනය කරගැනීමට නොහැකි වූ බවත් ය.

දක්ෂිණ ෂින්ජ්‍යැන්ග් ප්‍රදේශයේ ශ්‍රේෂ්ඨ ඉන්ද්‍රජාලකයින් ඔවුන්ගේ දෙවිවරු වූ අතර, ශ්‍රේෂ්ඨ ඉන්ද්‍රජාලකයා හට ඔවුන් ශ්‍රේෂ්ඨ දෙවියන් වහන්සේ වන ජ්‍යා ෂ' හට ගෞරව කරන්නාක් මෙන්ම ජනතාව මහත් සේ ගෞරව කළහ. ඉන්ද්‍රජාලක තරුණයන් අනාගතයේ ශ්‍රේෂ්ඨ ඉන්ද්‍රජාලකයන් වූ අතර ඔවුන් දෙව්ලොව සිට පැමිණි කුඩා දිව්‍ය දූතයන් බව පවසනු ලැබේ. නිවසින් පිටව ගිය ඔහු ශ්‍රේෂ්ඨ ඉන්ද්‍රජාලකයා අසළ හැදී වැඩුණු අතර සියලු වර්ගවල දෑ ඉගෙනගත්තේය. ඔහුගේ පිරිසගේ නෙත් හමුවේ ඔහු කුඩා දරුවෙකු වූ නිසා ලැබුණු ගෞරවය මඳක්වත් අඩු නොවීය.

එය හරියට ඔහුගේ හදවත හරහා හදිසියේම රුධිරය වැගිරුණාක් මෙන් විය. එලෙස ප්‍රචණ්ඩකාරී ලෙස ඔහුගේ ශරීරය බිඳ දමා තමාට අගෞරව කළ සියලු මනුෂ්‍යයන් හට පහර දීමට ඔහුට අවශ්‍ය විය.

වූ ෂි හිස හරවා අ' ෂින්ල'යි සහ අනෙකුත් අයගේ ප්‍රකාශනයන් දෙස බැලුවේය. ඔහුගේ නිර්භීත මිනිසුන් සහ රණශූරයන් ලැජ්ජාවට පත් වී සිටියහ. වන සතුන්ට, විෂඝෝර සර්පයන්ට මුහුණ දෙන විට පවා පසුබට නොවූ මේ මිනිසුන්ට ඒ මොහොතේ හිස එසවීමට සිදුවූයේ ඒ උද්ධච්ඡ, අහංකාර මිනිසුන් දෙස බලා සිටීමට වූ අතර ඔවුන්ගේ මුහුණු වලින් දිස්වූයේ විස්තර කළ නොහැකි තරම් කෝපයකි.

සත්වන සාමිවරයා (Sinhala Translation)Où les histoires vivent. Découvrez maintenant