අමාත්‍ය ජ්යැන් සත්‍යවශයෙන්ම කපටි සිවලෙකු වූයේය. ජින්ග් එම මිනිසාගේ නිලජ්ජිත මට්ටම පිළිබඳව අවතක්සේරු කොට තිබුණි. ජ්යැන් ස'ජොන්ග් අවසානයේදී සිදුවූ දෙයට ප්‍රතිචාර දැක්වීමේදී ඔහු කුළුණේ හැපී හෝ බිත්තියට පහර දුන්නේ නැත. ඔහු හැඬුවේවත්, වැලපුණේවත්, ගෙල මිරිකාගත්තේවත් නැත. ඔහුගේ දෑස් ආපසු හැරී පාද දිගු කරගත් අතර, ඔහු එම ස්ථානයේදීම ක්ලාන්ත වූයේය.
අනර්ඝයි! එක් වදනක්වත් පැවසුවේ නැත. මේ මොහොතේ ඔහුට වෙන කිසිවක් කළ නොහැකි විය.
හ'ලියැන් යී දර්ශනය නිරීක්ෂණය කිරීම සඳහා තම මුහුණ මඳක් එසවීය. ප්‍රතිචාරය වූයේ ජාඕ මින්ග්ජ'ගේ කෝපයට පත්ව සිදුකරන ලද ශාප කිරීම් සහ අධිකරණ නිලධාරීන් විසින් ආරවුල සමනය කිරීමයි. මද වේලාවක් මේවාට සවන් දීමෙන් අනතුරුව ඔහුගේ අභ්‍යන්තරයෙන් කුඩා හිරිවැටීමක් දැනෙන්නට වූයේය. ඔහුගේ දෑස් මඳක් අඳුරු සහ වෙහෙසට පත් වූ ස්වභාවයක් දරන්නට වූයේ ඔහු නොදැනුවත්වම වූ ෂිගේ චලනය අනුකරණය කරමින් හිස ඔසවා බැලූ විටය.
ඔහුගේ දෑස් දරුණු අයුරින් රිදුම් දෙන බව ඔහුට හැඟුණේය. ඔහුට සිදුකිරීමට අවශ්‍ය වූයේ ඔහුගේ කෝපය මුදාහැර ඔවුන් හට "නිශ්ශබ්ද වනු!" යනුවෙන් කෑගැසීමටයි. ඔහුට විමසීමට අවශ්‍ය වූයේ මේසයට හස්තයෙන් පහර දී හඬ අවදි කොට, "බලනු, මහා මුනිවරුන්ගේ ශ්රාවකයින් සහ දිව්‍ය පුත්‍රයන්ගේ අනුගාමිකයින් ලෙස හැඳින්වූ තොප සමූහය කුමන ආකාරයේ විහිළුවක් බවට පත්වී ඇත්ද?" යනුවෙනි. ඔහුට පැවසීමට අවශ්‍ය වූයේ "අධිරාජ්‍ය අධිකරණය දූෂණය කරන මේ සියලු දෙනා සහ ශරීරය පුරා වස විෂ ඇති එම නපුරු සත්වයා දක්ෂිණ ෂින්ජ්යැන්ග් හි සිට පිටතින් ඇදගෙන ගොස් ඔවුන් සෑම අයෙකුගේම හිස ගසා දමනු!" ලෙසය.
එහෙත් ඔහුට කිසිවක් පැවසීමට නොහැකි වූ අතර, ඔහුට කළ හැකි කිසිවක් නොතිබිණි. ඔහු හුදෙක් වියැකෙන පුද්ගලයෙක් පමණක් වූ අතර, ඔහුට යන්තම් ඉඩ ලැබුණේ සහභාගී වීමට සහ සවන් දෙමින් පසෙකට වී සිටීමට පමණි. ඔහුගේ කිරුළ හිමි කුමරු යන පදවි නාමය බරක් නොමැති නාමයකි. සත්‍ය අධිකාරියට මෙන්ම ඔහු පවසන ඕනෑම දෙයක් අන් අයට විහිළුවක් වනු ඇත. පිටස්තර වදන් ප්‍රකාශ කළ නොහැක. වැරදි පියවරක් ගත නොහැක. ඊට අමතරව ඔහුගේ වැඩිමල් සොහොයුරන් කුසගින්නෙන් පෙළෙන ව්‍යාඝ්‍රයන් මෙන් ඔහුව අශ්වයා පිටින් ඇද දැමීමට බලා සිටියෝය. ඔහු පවා ඒ වන විටත් සිහින් අයිස් මතින් ගමන් කරමින් සිටියදී, ඔහු අන් අයගේ කටයුතු වලට මැදිහත් වන්නේ කෙසේද?
YOU ARE READING
සත්වන සාමිවරයා (Sinhala Translation)
Romance"මෙම භවයේදී ඔබ පමණක් මගේ හදවතේ සිටිනු ඇත.. මගේ ආත්මය විසිරී නොයන තාක්, මීළඟ භවයේ සහ ඉන්පසු භවයේදීත් මම ඔබව සදහටම සිහිපත් කරන්නෙමි..." **************************************************** සිය සත්වන පුනර්භවයේදී නැවත අවදි වූ ජින්ග් බෙයියුආන් කුමරු, සෑ...