ඒ ඔහු ඉබාගාතේ සැරිසැරූ ආත්මයක් වීමට පුරුදු වී සිටි නිසා විය හැකිය. නැතහොත් ඔහුගේ කුඩා ශරීරය එහි වර්ධනය වෙමින් පවතින අවධියක පැවතීම නිසා විය හැකිය. නමුත් ඔහුට සෑමවිටම සැතපීමට උවමනා වූයේය. අඛණ්ඩව මාස කිහිපයකට පසු ජින්ග් චී කිසිවක් සිදුකිරීමට අකමැති විය. පින්ග් අ'න්ට හැඟුණේ ඔහුගේ තරුණ ස්වාමිපුත්‍රයාට මුලු වර්ෂය මුළුල්ලේම හොඳින් සැතපීමේ හැකියාවක් ඇති බවයි. ඔහු ශීත සෘතුවේ සම්පූර්ණ මාස ත්‍රිත්වයම සූකරයෙකු මෙන් සැතපීම හැර අන්කිසිවක් නොකර ගත කළේය.
ඔහුගේ අසනීප තත්වය පිළිබඳව අධිරාජ්‍යයා හට වාර්තා කිරීමෙන් අනතුරුව, ඔහුට එම මිනිසාව බැහැදැකීමට සිදුවූ අවස්ථා කිහිපයකදී හැර, ඔහු වෙනත් පවුල්වල යෞවනියන්ටත් වඩා යහපත්ව හැසිරුණු බැවින්(01) ඔහු මන්දිරයේ ගේට්ටුවෙන් එක් පියවරක්වත් පිටතට පා තැබුවේ නැත.
ඔහුගේ අතීත ජීවිත වලදී හ'ලියැන් ජින්ග් චීගේ හදවත ග්‍රහණය කරගෙන සිටියේය. ඔහු කුඩා කල සිටම පුරුදු වී සිටියේ අනෙකාගේ ප්‍රශ්න වලට සහ සතුටට මූලිකත්වය දීමටය. සත්‍යවශයෙන්ම ඔහුට සේවය කිරීම සඳහා අවශ්‍ය පමණට වඩා කඩිසර වූ ඔහු තම පියාණන් වෙත යොමු කළ යුතු සියලු උත්සාහයන් වත් සිදුනොකළේය.
ඉන්පසු මෙම ආයුකාලය පැමිණියේය. දැන් ඔහුගේ මසුරුකම පහව ගොස් ඇති බැවින්, එය හිස් බවක් දැනුණද ඒ සමඟම ඔහුගේ බර පපුවෙන් ඉවත් විය.
දැන් ජින්ග් චී වඩාත් සැහැල්ලු ඉදිරි දර්ශනයක් අනුගමනය කර ඇති අතර ඊට අමතරව ඔහු තවමත් ඉතා තරුණ විය. දා චන්ග් එහි මූල කුණු වී තිබිය හැකි වූ නමුත් පිටතින් තවමත් එය සශ්‍රීකත්වය පිළිබඳ මායාවක් තබා ගැනීමට සමත් වූ බැවින් එය වහාම බිඳ වැටෙන්නේ නැත. නොසන්සුන්තාවය අවසානයේ හෙළිදරවු වනවිට කිරුළ හිමි කුමරු බලකොටුව යටත් කරගැනීමට තරම් පරිණත වී තිබිණි.
පසුගිය විසි වසර තුළ අධිරාජ්‍යයා පෙර අධිකරණ රැස්වීම් නොපැවැත්වීමට හේතුව ඔහුට හදිසියේම වැටහුණි. මනුෂ්‍යයින්ට විනෝද වීමට වඩා යහපත් විය හැක්කේ අන් කුමක්ද? ඔහු සෑම දිනයකම මධ්‍යහ්න දොළහා වන තුරු සැතපී, පසුව අවදිව ආහාර අනුභව කළේය. පසුව අක්ෂර වින්‍යාසය ප්‍රගුණ කළේය. ආශ්වාදයක් ඇතිවුවහොත් විකාර කාව්‍ය කිහිපයක් රචනාකළේය. චතුරංග ක්‍රීඩාව පිළිබඳව පිටු කිහිපයක් කියවමින්, භූගෝල විද්‍යාවේ සිට ඕනෑම දෙයක් ආවරණය කරන්නා වූ විනෝදාස්වාද සාහිත්‍යය හරහා ජනකතා වලටද ගමන් කලේය. ඉන්පසුව ඔහු දෑස් වෙහෙසට පත් වූ විට ධූමපානාගාරය තුළ සැතපුණේය.
VOUS LISEZ
සත්වන සාමිවරයා (Sinhala Translation)
Roman d'amour"මෙම භවයේදී ඔබ පමණක් මගේ හදවතේ සිටිනු ඇත.. මගේ ආත්මය විසිරී නොයන තාක්, මීළඟ භවයේ සහ ඉන්පසු භවයේදීත් මම ඔබව සදහටම සිහිපත් කරන්නෙමි..." **************************************************** සිය සත්වන පුනර්භවයේදී නැවත අවදි වූ ජින්ග් බෙයියුආන් කුමරු, සෑ...