ඇසීමට තරමක් අප්‍රසන්න ලෙස කතා කිරීමට, හ'ලියැන් චී අභ්‍යන්තරයෙන් සහ බාහිරින් යන ද්විත්වයෙන්ම යම් තරමක රාක්ෂයෙක් වූයේය.
වර්තිකා වර්ග සහ කුමක් වුවද කිසිවිටෙකත් වෙහෙසට පත් නොවූ සැහැල්ලු වයස්ගත මිනිසෙක්, බොහෝදුරට ශ්වේත වර්ණ නෙත් යුගලක්, අලිස් කටුවක් වැනි තියුණු නිකටක් සහිත, වැහැරුණු කම්මුල් සහිත ඇටකටු සිහින් දාඕවාදී පූජකයෙකු වසර ගණනාවක පුරා ඔහු පසුපසින් සිටියේය. ඔහු යහපත් පුද්ගලයෙකු ලෙස නොපෙනෙන බව මිනිසුන් හට එක්වරම සිතීමට හේතු වූයේය.
හ'ලියැන් චීගේ පෙනුම අයහපත් යැයි පැවසිය නොහැකි අතර, මුලින්ම බැලූ බැල්මට ඔහු අපහැදිලි විස්මයජනක හැඟීමක් ලබාදුන්නේය. කෙසේවෙතත් නිසැකවම හ'ලියැන් ජාඕට වඩා භයානක විරුද්ධවාදියෙකු වූයේ මෙම අලංකාර තරුණයාය.
සියල්ල අවසන් වූ විට, හ'ලියැන් ජාඕ දුෂ්ට ලෙස ක්‍රියාකළ නමුත් ඔහු සරල සහ අශික්ෂිත මිනිසෙක් වූයේය.
ජින්ග් චී හදිසියෙන්ම වූ ෂි ග්‍රහණය කරගැනීමෙන් පසු බියෙන් පැන්නේය. ඔහු සාමාන්‍යයෙන් මිනිසුන් හට තමා වෙතට සමීප වීමට ඉඩ ලබා නොදුන්නේය. මිනිසුන් සමඟ සුහදව කටයුතු කිරීමට ඇති අකමැත්තෙන් ඔබ්බටව, එයට ඔහු හස්තයේ තබාගෙන සිටි විෂ සහිත ජීවීන්ද හේතුවිය. නිදසුනක් වශයෙන්, ඔහුගේ මැණික් කටුව වටා ඔතාගෙන සිටියේ විෂ සහිත හරිත උණ-පලා පොළඟෙකි.
අනෙකා විසින් කිසිදු පූර්ව අනතුරු හැඟවීමකින් තොරව ඔහුගේ වස්ත්‍රයෙන් ඇදීමත් සමඟම, ඔහුගේ ක්‍රියාව හේතුවෙන් ඔහුගේ මැණික් කටුවෙහි සිටින්නා වූ කුඩා සර්පයා සෙමෙන් සෙමෙන් ගැහෙනා බව වූ ෂි හට හොඳින් සංවේදනය වන්නට විය. ඔහුගේ පළල් වස්ත්‍රයෙන් ආවරණය වූ ප්‍රදේශයෙන් මතු වූ තද රක්ත වර්ණ දිවකින් ජින්ග් චීගේ ඇඟිල්ලට කිහිපවතාවක් සෙමෙන් තට්ටු කරන ලදී.
සර්පයාගේ විෂ සුවකළ හැකි වූ නමුත්, වූ ෂි න'න් නින්ග් කුමරුගේ කුඩා ස්වරූපය දෙස බැලූ අවස්ථාවේ, ඔහුට නියමිත වේලාවට ප්‍රතිවිෂ ගෙන ඒමට හැකිවේදැයි ඔහුට විශ්වාසයක් නොතිබිණි. සපා කෑවේ නොමැති වුවත්, මෙවැනි සුළු විෂ සහිත ජීවීන්ට මධ්‍යම තැනිතලා වාසීන් භය බවත්, එය ඔවුන්ව භය ගැන්වීම යහපත් දෙයක් නොවන බවත්, පසුගිය වතාවේ නෙත් පෙරළී, ක්ලාන්ත වූ හැන්ලින්ගේ ප්‍රතිචාරයෙන් වූ ෂි ඉගෙනගෙන තිබිණි.
ESTÁS LEYENDO
සත්වන සාමිවරයා (Sinhala Translation)
Romance"මෙම භවයේදී ඔබ පමණක් මගේ හදවතේ සිටිනු ඇත.. මගේ ආත්මය විසිරී නොයන තාක්, මීළඟ භවයේ සහ ඉන්පසු භවයේදීත් මම ඔබව සදහටම සිහිපත් කරන්නෙමි..." **************************************************** සිය සත්වන පුනර්භවයේදී නැවත අවදි වූ ජින්ග් බෙයියුආන් කුමරු, සෑ...