මොහොතකට වඩා කාලයක් ගත වීමට මත්තෙන් ජින්ග් චී ඉක්මනින් සිය ඉරියවුව සකස්කොට ගත්තේ කිසිවක් වැරදී නොමැති අයුරින් සිය ඇහිබැමි රැලි කරගනිමිනි. "ඔහුව කැඳවා කුමක් සිදුකරන්නද?" ඔහු විමසුවේ තරමක් නොඉවසිල්ලෙනි. "මට ඒ තක්කඩියාව හොඳටම හුරුපුරුදුයි. මා ඔහුට තෙවතාවක් පහර දුන්නත් ඔහු අධෝවාතයක්වත් පිට කරන්නේ නැහැ. ඔහු කතාකිරීම ආරම්භ කළ පසු ඉඳහිට ළයෙහි වේදනාවක් සහ හුස්ම කෙටිවීමක් පවා ලබාදී මාගේ හුස්ම සිරකරනවා. ඔහු සවන් වලට අප්‍රසන්න යමක් පැවසුවහොත්, එයින් ඔබතුමා කලකිරීමට පත් නොවේවිද, උතුමාණනි?"
"කුමන කලකිරීමක්ද? මා කුඩා දරුවෙකුගෙන් අයහපත් ලෙස කතාකරනු ලබන වදන් කිහිපයක් තෝරාගැනීමට තරම් නොඉවසිලිමත් අයෙක්ද?" හ'ලියැන් ජාඕ ඔහු දෙස බැලුවේ චර්මය විනිවද යන තරමේ ගැඹුරු සිනහවකිනි. "මා හට ගෞරවයක් ලබා දෙන ලෙස ඉන්ද්‍රජාලකතුමාගෙන් ඉල්ලා සිටීමට මා නුසුදුසු බව ඔබ සිතන්නේ ඇයි කුමරුනි?"
.....එය තරමක් සාවද්‍යය.
ඔහු හ'ලියැන් ජාඕ හට හිසේ සිට පාදාන්තය දක්වා සිතින් ශාප කළේය. ඔහු ඒ වනවිටත් පිපිරෙන තරමට භෝජන ගෙන අවසන් වූ පසු මෙය හුදෙක් උදාසීනබව නිසා සටනක් තෝරාගැනීමක් නොවේද? පෙනෙන අන්දමින්, ඔහුට අවශ්‍ය දේ ලබාගැනීමෙන් පසු මෙම පුද්ගලයා කෙතරම් නිහතමානීව ක්‍රීඩා කරන්නේද යන්න වග ඔහු සැබැවින්ම අවතක්සේරු කොට ඇත්තේය. නමුත් මතුපිටින්, ඔහුට තවමත් සිනහවක් මතු කිරීමට සිදුවිය. "එවැනි කතා මා හට සරදමක් නොවේද උතුමාණනි? මෙම චෝදනාව මා හට දරාගත නොහැකි අන්දමේ යමක්. පින්ග් අ'න්, ඉන්ද්‍රජාලකතුමන්ගේ වාසභවන වෙත යන්න. වැඩිමහල් කුමරුන් මා සමඟ මෙහි සිටින බව පවසා එතුමාට භෝජන සඳහා මෙහි ආරාධනා කරන්න."
එය වෙනත් කරුණක් වූයේ නම්, ජින්ග් චී වූ අතිවිශාල බඳුනකට බිය නොවනු ඇති නමුත් වූ ෂි..... ඔහුට මේ වනවිටත් දරුවාගේ හිස රිදුම්දෙන ආකාරය සිහිපත් වූයේය. එසේනම් නම්‍යශීලී යන වදන ඔහුට අදාළ වන්නේ කෙසේද? හ'ලියැන් ජාඕ සිය ජයග්‍රහණ පිළිබඳව ඉමහත් ප්‍රීතියක් ලැබූ අතර මිනිසුන්ගේ ප්‍රශංසාවට ප්‍රිය වූ නමුදු න'න් නින්ග් කුමරු සහ කිරුළ හිමි කුමරු සමීපව ගමන් කරන බව මුළු මහත් අගනගරයෙහිම සෑම පුරවැසියෙක්ම හොඳින් දන්නා කාරණාවක් වූයේය. සත්තකින්ම කිරුළ හිමි කුමරු වැඩිමහල් කුමරුගේ දෑස් හමුවේ කනස්සල්ලට හේතුවක් නොවුනද, පැරණි දේශපාලඥයන් විසින් අවසානයේ විචක්ෂණශීලී වූ බැවින් ඔහු වූ ෂි දුරු කිරීමට සිතමින් පසුවූයේය.
KAMU SEDANG MEMBACA
සත්වන සාමිවරයා (Sinhala Translation)
Romansa"මෙම භවයේදී ඔබ පමණක් මගේ හදවතේ සිටිනු ඇත.. මගේ ආත්මය විසිරී නොයන තාක්, මීළඟ භවයේ සහ ඉන්පසු භවයේදීත් මම ඔබව සදහටම සිහිපත් කරන්නෙමි..." **************************************************** සිය සත්වන පුනර්භවයේදී නැවත අවදි වූ ජින්ග් බෙයියුආන් කුමරු, සෑ...