වූ ෂි කරත්තයෙන් අගනුවර ගේට්ටුවෙන් ඇතුළු වන අවස්ථාවේ රහසින් කරත්තයේ වූ තිර රෙදි මෑත් කිරීම තමාට වළක්වාගත නොහැකි විය.
දක්ෂිණ ෂින්ජ්‍යැන්ග් සිට මධ්‍යම තැනිතලාව දක්වා මාස කිහිපයක් මුළුල්ලේම ගමන් කිරීමෙන් අනතුරුව, ජනප්‍රවාද වලින් පමණක් ඔහු අසා තිබූ මධ්‍යම තැනිතලාව සැබවින්ම එතරම් විශාල සහ ජනාකීර්ණ බව ඔහුට අවසානයේදී දැකගත හැකි විය.
නගර ප්‍රාකාර එකිනෙකට සම්බන්ධ වී නිමක් නොමැති රථවාහන වලින් මාර්ගය පිරී පැවතිනි. එමෙන්ම ඇවිදීම අවසන් කිරීමට ජීවිතකාලයක් ගතවන තරමට වීදීන් දීර්ඝ විය.
වර්ෂය මුළුල්ලේ අඳුරු මීදුමෙන් පිරී පවතින දක්ෂිණ ෂින්ජ්‍යැන්ග් හි ඝන වනාන්තර සහ දැවැන්ත කඳුකරයේ ඇති බලකොටු, සැතපුම් දහස් ගණනක් දිගට ගමන් කරන්නාවූ මෙම දීර්ඝ හා නොකඩවා ඇදෙන ගංගා සහ කඳු ඉදිරියේ දුර්වල සහ නොවැදගත් බාවයක් පෙනෙන්නට තිබුණි. එසේනම් එය තම වංශයේ මිනිසුන් හට පහර දීමට සිදුවු මධ්‍යම තැනිතලා වාසීන්ගේ හමුදාවන් ආකර්ෂණය කරගත් ස්ථානයක් වූයේ කිමද?
වූ ෂි විසින් ඒ පිළිබඳව දෙවියන්ගේ කැමැත්ත නියෝජනය කරන්නාවූ වචනවලින් යුත් වංශයේ වඩාත්ම බලගතු සහ ප්‍රඥාවන්ත මනුෂ්‍යයා වන ප්‍රධාන ඉන්ද්‍රජාලකයාගෙන් විමසා ඇත. වූ ෂි අනාගතයේදී ප්‍රධාන ඉන්ද්‍රජාලකයකු වනු ඇත. නමුත් තවමත් ඔහු කුඩා දරුවෙකු වූ අතර ඔහුට නොතේරුණු බොහො දෑ තිබිණි.
ප්‍රධාන ඉන්ද්‍රජාලකයා ඔහුට මෙසේ පැවසුවේය. "මෙය ජියා ෂ' දෙවියන්ගේ පරීක්ෂණයකි. ජියා ෂ' දෙවියන්වහන්සේ සර්වබලධාරීය. සෑම අයෙක්ම සිදුකල සෑම දෙයක්ම දෙස උන්වහන්සේ බලා සිටින අතර යම් ක්‍රියාවක් අද වළලනු ලැබුවහොත් එහි ප්‍රතිඵලය අනාගතයේදී ඔවුන් නෙළාගනු ඇත. මනුෂ්‍ය ජීවිතය ඉතා කෙටිය. එය කුඩා මකුණෙකු මෙන් නොදැනුවත්වම, දෙවියන් වහන්සේගේ කැමැත්ත තේරුම් නොගෙන වැඩී, බොහෝ මනුෂ්‍යයින් දැක, බොහෝ දේ දැනගත් කල්හි මරණාසන්න වී මිය යන්නේය. ඔබ මදින් මද තේරුම් ගැනීමට පටන් ගනීවි."
ප්‍රධාන ඉන්ද්‍රජාලකයා එසේ පවසන අවස්ථාවේදී, ඔහුගේ දෑස් කොණෙහි රැලි වෙනස් වී ඇති අයුරක් පෙනෙන්නට තිබිණි. ඈතින් පෙනෙන්නාවූ මීදුමෙන් වැසුණු කාලවර්ණ කඳු දෙස බලාසිටි ඔහුගේ සන්සුන් දෑස් නොසැළෙන, පල්වෙමින් ඇති ජල තටාකයක් බඳු විය.
YOU ARE READING
සත්වන සාමිවරයා (Sinhala Translation)
Romance"මෙම භවයේදී ඔබ පමණක් මගේ හදවතේ සිටිනු ඇත.. මගේ ආත්මය විසිරී නොයන තාක්, මීළඟ භවයේ සහ ඉන්පසු භවයේදීත් මම ඔබව සදහටම සිහිපත් කරන්නෙමි..." **************************************************** සිය සත්වන පුනර්භවයේදී නැවත අවදි වූ ජින්ග් බෙයියුආන් කුමරු, සෑ...