ජින්ග් චී සිත යටින් පියවර භාගයක් පමණ පසුපසට වූයේය. "මම ඔබතුමාව කනස්සලු වන පරිදි කරදර කරා. දැනටමත් මට සුව වී අවසන්"
"ඔබට නිසැකවම ඉතා විගසින් සුව වෙලා!" හ'ලියැන් යී ශීතල පෙනුමකින් මිමිණුවේය.
සමහර විට සමූහයා ඉතා ඝෝෂාකාරී වන්නට ඇත, නැතහොත් සමහර විට ඔහු පානය කළා වූ වයින් ස්වල්පය ඔහුගේ හිසට ගොස් තිබෙන්නට ඇත, නමුදු මෙම තරුණ උරුමක්කාරයා හට පෙනෙනපරිදි හදිසියේම ඔහුගේ ළයට යමක් පුරවගන්නා බවක් දැනුනි. ඔහුගේ ඇහිබැම් සෙමෙන් එකිනෙකට යාවුණි.
මෙතරම් කුඩා කාරණයක් සම්බන්ධයෙන් මෙය තරමක අධික ප්‍රතික්‍රියාවක් යැයි සිතමින් ඔහුට හැකි වූයේ ක්‍රම ක්‍රමයෙන් ප්‍රබල වෙමින් පවතින අද්භූත, යටපත් කරන අභාග්‍යසම්පන්න බව ගිල දැමීම පමණි.
ජින්ග් චී දිගු කලක් තිස්සේ මෙම මිනිසාගේ උදරයේ පණුවෙකු මෙන් වී සිට ඇත. එබැවින් ඔහු එම ප්රකාශනය දුටු විට, කුමරු කරන්නේ සරදමක් නොවන බව ඔහු දැනසිටියේය. කිරුළ හිමි කුමරු සත්‍යවශයෙන්ම කෝපයට පත් විය. එවිට ඔහු තම දෑස් පසෙකට හරවා විෂය වෙනතකට හැරවීම සඳහා වූ ෂි ව එතැනින් ඇදගෙන සිනාසුණේය. "බලන්න උතුමාණනි, ඔබතුමා හඳුනනවාද මොහු කවුරුන්ද කියලා?"
හ'ලියැන් යී මඳ වේලාවක් හිස් බැල්මකින් යුක්තව බලාසිටියේය. තරුණයාගේ නුහුරු නුපුරුදු බවක් පෙනෙන්නට තිබිණි. ඔහුව හොඳින් පරීක්ෂා කර බැලීමෙන් පසු අනෙකාගේ මුහුණේ මධ්‍යම තැනිතලා වැසියෙකුගේ මුහුණට වඩා සියුම් වෙනස්කම් ඇති බව ඔහුට පැවසිය හැකි වූ අතර ඊට ඉහළින් අ'ෂින්ලේ තමා පිටුපස සිටගෙන සිටින බවද දුටුවේය. මේ නන්ජ්යැන්ග්හි ඉන්ද්‍රජාලකයා බවට ඔහු දැන සිටි බව අමුතුවෙන් පැවසිය යුතු නැත. ඉන්ද්රජාලකයාගේ මුහුණ සත්‍යවශයෙන්ම තරමක් තරුණ බව සිතූ ඔහු දුටුවේ ඔහුගේ සැබෑ වයසට වඩා මඳක් බාල බවකි.
වූ ෂි ඔහු හදිසියේ මතුවනු ඇතැයි අපේක්ෂා නොකළ අතර, ඔහු සමඟ තවදුරටත් කතා කිරීමට කැමැත්තක් දැක්වූයේ නැත. ආචාර කිරීමෙන් පසු, ඔහු නිශ්ශබ්දව ජින්ග් චීගේ පසෙකින් සිටගත් අතර, ඔවුන් දෙදෙනා බැලූ බැල්මට ඉතා සමීපව ඇසුරු කරන බව පෙනෙන්නට තිබිණි. සෑම ස්ථානයකම අහඹු ලෙස දේවල් නරඹමින් සිටිනා විට ජින්ග් චී සැහැල්ලුවෙන් බලා සිටි බව හ'ලියැන් යී සිහිපත් කළේය. නමුත් ඔහුව දුටු විගස, ඔහුගේ දෑස් සෑම පසෙකටම මාරු වීමට ආරම්භ වී තිබුණේ, ඔහු තමාගේ දෘෂ්ටියෙන් අතුරුදහන් වන්නේ කෙසේදැයි කුමන්ත්‍රණය කරන්නාක් මෙනි. ඔහු අභ්‍යන්තරයෙන් වඩාත් අතෘප්තිමත් වූ අතර, මුහුණ නොදැනුවත්වම තරමක් අඳුරු විය.
DU LIEST GERADE
සත්වන සාමිවරයා (Sinhala Translation)
Romantik"මෙම භවයේදී ඔබ පමණක් මගේ හදවතේ සිටිනු ඇත.. මගේ ආත්මය විසිරී නොයන තාක්, මීළඟ භවයේ සහ ඉන්පසු භවයේදීත් මම ඔබව සදහටම සිහිපත් කරන්නෙමි..." **************************************************** සිය සත්වන පුනර්භවයේදී නැවත අවදි වූ ජින්ග් බෙයියුආන් කුමරු, සෑ...