Chapter 24 - නැවත වරක් කඩදාසි කුට්ටම ඇනීම.

48 6 0
                                    

වැඩිමහල් කුමරුගේ මන්දිරයෙන් පිටත්වූ මොහොතේ සිට, තම කරත්තයට ගොඩවන තුරුම යෞවනයෙකුගේ බාල වියේ කෝපය ජින්ග් චීගේ මුහුණේ පැවතුණි. සෑහෙන වේලාවක් තිස්සේ කරමින් සිටි රඟපෑමෙන් මඳවේලාවක විවේකයක් ලබාගන්නාක් මෙන් නිහඬව රථය තුළ අසුන්ගෙන මුළු ගමන පුරාවටම විවිධ දෑ පිළිබඳව සිතමින් සිටි ඔහුගේ මුහුණ දැවමය ස්වරූපයක් ගත්තේය.

ඔහු කුමර මන්දිරයට පැමිණි විට, මාර්ගයේදී මුව වසාගෙන සිටි පින්ග් අ'න් වහාම ඔහුවෙතට පැමිණියේ තම පවිත්‍ර දෑස් භාවිතා කරමින්, ජින්ග් චී නැවත වතාවක් නාස්තිකාරයෙකු අයුරින් හැසිරෙන බවට චෝදනා කිරීමටය.

මුලදී, ජින්ග් චී ඔහුව නොදැක්කා සේ ක්‍රියා කළ නමුත්, මෙම විකටයා සුවිශේෂී ලෙස ස්ථිර වනු ඇතැයි ඔහු අපේක්ෂා නොකළේය. ඔහු පිටුපසින් ලුහුබැඳ පැමිණියේ, ඔහුගේ වේගයට ගැලපෙන පරිදි මෙන්ම වදන් නොමැතිව පියවර තබමින් වු අතර ‍යමෙකුගේ උදරයේ වේදනාවක් හටගන්වන අයුරින් ඔහුගේ දෑස් දෙස බලාසිටියේය.

ජින්ග් චී හට අවසානයේදී ඔහුව නොසලකාහරිමින් ඉදිරියට යාගත නොහැකි වූ අතර සුසුම්ලමින්, "පින්ග් අ'න්...."

පින්ග් අ'න් සිය හිස එසවූයේ කෝපයෙනි.

ගැඹුරින් ආශ්වාස කරමින්, ජින්ග් චී පැවසීමට තමාගේ වදන් කිහිපවතාවක්ම නැවතත් සකස් කළ නමුත් පසුව ඔහුගේ ඇහිබැමි අතර ඇති අවකාශය තුළට ඇනීම හැර වෙනත් විකල්පයක් නොමැතිව ඒවා සියල්ලම නැවත යටපත් කරගත්තේය. "කුමක්ද, ඔබ සිතන්නේ මා අද දින විශාල ප්‍රමාණයක් මුදල් වියදම් කළ බවද?"

"එය එතරම් යමක් නොවෙයි." පින්ග් අ'න් පැවසුවේ දත්මිටි කාගෙනය. "මහත්වරු අතර ඇති ගනුදෙනුවලදී රිදී හිමපියලි ලක්ෂයක් විගසින් වැටෙනවා. එක් ටේල් පන්දහසක් පමණක් බැහැර කිරීම මසුරුකමක්."

එයින් ගම්‍ය වන්නේ එය සුළු මුදලක් නොවූවත් එය තවමත් විසල් මුදලක් ලෙස නොසැලකෙන බවය. එය සාමාන්‍ය සබඳතා සඳහානම් විශාල මුදලකි. එය යමෙකුට කාර්‍යයක් භාරදීම හෝ ඔවුන්ව පොළඹවා ගැනීම හෝ ජීවිතයක් මිලදී ගැනීම සඳහානම් කුඩා මුදලක් වූයේය.

සත්වන සාමිවරයා (Sinhala Translation)Où les histoires vivent. Découvrez maintenant