02 කොටස

1.1K 280 91
                                    

"Good morning අංකල්. මම දැන්වීම දැකලා ආවේ. නර්තන සහයකයෙක් අවශ්‍යයි කියලා තිබුනේ. ඇත්තටම ඒක කඩයක් ඉස්සරහ ගහලා තිබ්බෙ.. ඒත් වාසනාවට මම ඒක දැක්කා. මම ඒකට ආවේ."

52 වන හරස් වීදීයේ කොනක තිබුණු විශාල රංග ශාලාව ඉදිරිපිට හිටගත්ත ටේහ්‍යුන් එතැන මුර කුටිය තුල හිටපු මුරකරුගෙන් අහනකොට ගැස්සුන ඔහුගෙ අත ඔහු පිලියෙල කරමින් හිටපු card house එකෙ වැදිලා එය සීසීකඩ විසිරෙනකොට කෝපයෙන් ටේහ්‍යුන් දිහා මොහොතක් බලාගෙන හිටපු ඔහු ටේහ්‍යුන්ගෙ උඩ ඉඳන් පහලටම බැලුවා.

"මොකක් ද? කිව්වෙ. හයියෙන් කියන්න ළමයො."

කන ටේහ්‍යුන්ගෙ පැත්තට හරවලා ඔහු ආයෙම සැරයක් අහනකොට දෙතොල් නොපිට පෙරලා ගත්ත ටේහ්‍යුන් ඉනට අත තියාගෙන මහලු මුරකරු දිහා බලාගෙන හිටියා.

"නර්තන සහයකයෙක් ඕනෙ කියලා ගහලා තිබුණු දැන්වීම දැකලා ආවේ....!!!!!!!!!!!! මට ඇතුලට යන්න පුලුවන් ද?"

තමන්ට පුලුවන් තරම් හයියෙන් මහලු මුරකරු ගෙ කනට ලං කරලා කෑ ගැහුව ටේහ්‍යුන් වේගයෙන් හුස්ම ගන්නකොට හිමිහිට ඇසිපිය හෙලපු ඔහු ඔහුගෙ දකුණු අත රංග ශාලාවට දිගු කලා.

"ඔය තරම් හයියෙන් කෑ ගහන්න දෙයක්ද ඒක .යන්න ඇතුලට"

ටේහ්‍යුන් දිහා කෝපයෙන් බලපු ඔහු මුමුණන කොට ටේහ්‍යුන් දෙතොල් හපාගෙන ඔහු දිහා බලාගෙන හිටියා.

"අද දවස තුල ආව පනස් දෙවනියා"

"මොකක් ද?"

හිමිහිට මුමුණපු ඔහු අනිත් පැත්ත හැරිලා ආයෙම වතාවක් ඔහු කර කර හිටපු බැරෑරුම් කාර්යය වන කාර්ඩ් හව්ස් එක ආයෙම වතාවක් පිලියෙල කරන්න ගත්තාම පුදුමෙන් ඔහු දිහා බලාගෙන හිටපු ටේහ්‍යුන් මොහොතක් කල්පනා කරලා ඉදිරියට යන්න ගත්ත.

"ඔහ්... ෆක්... හරිම අමුතු මනුස්සයෙක්. මුරකාරයා මෙහෙම නම් අයිති කාරයා ඇති යකෙක් වගේ.... තිබ්බ පය ආයේ ගන්න බෑ ටේහ්‍යුන්. පුරුෂ ධෛර්යය අරගෙන යමු නේද අපි..."

තමන්ටම මුමුණා ගත්ත ටේහ්‍යුන් හොඳ හුස්මක් අරගෙන ඉදිරියට ගියේ ඊළග මොහොතෙ රංග ශාලාවෙ දොරටුව ඉස්සරහ හිටගෙන ඉන්නකොට.

Rain Shadow | TK ✓Where stories live. Discover now